ස්ත්‍රීන් සිහිනෙන් දැකීම


ස්ත්‍රීන් සිහිනෙන් දැකීම
සුභ සිහිනයක් දුටුවොත් ? ඊයේ රාත්රී ඔබ දුටුවේ සුභ සිහිනයක් නම් එය කිසිවෙකුට නොකියා රහසක් ලෙස සිතෙහි සඟවා ගන්න සුභ ප්රතිපල හිමිවේ
අසුභ සිහිනයක් දුටුවොත් ? කිසිවෙකු සමඟ කතා නොකර වතුර වීදුරුවක් ගෙන ගෙයින් පිටතට ගොස් කාරා කෙළ ගසා වතුර වීදුරුවේ ජලයෙන් කට සෝදා වතුර බොන්න ඉන්පසු දුටු සිහිනය සියළු දෙනාටම කියන්න එවිට අශුභ පල විනාශ වේ 
1.සිහිනෙන් ස්ත්රීන් දුටුවොත් ? ආදරවන්තිය සමඟ පෙම් කරනවා හෝ ඉන්පසු  ලිංගිකව හැසිරෙන අයුරු දුටුවොත් තමන්ගේ කිසියම් රෝගී තත්වයක් ඇති බව තේරුම් ගන්න.
2.දේවතාවියක් දුටුවොත් ? ඉතා ශුභයි ඔබ කරන්නට බලාපොරෝත්තු වන කටයුතු ඉක්මණින් සාර්ථක වේ. 
3.ඉතා ප්රියමනාප ස්ත්රියක් හෝ කණ්ඩායමක් දුටුවොත් ? ප්රීතිය වාසනාව සතුට උදා වේ.  
4.නාටිකාංගනාවක් දුටුවොත් ? හිතවත් අයෙකු නිසා ඇති වන පාඩුවක්. 
5.දාසියක් දුටුවොත් ? පහත් කෙනෙකුගේ මංගල අවස්ථාවක්. 
6.වයසක කාන්තාවක් දුටුවොත් ? කරදරයක් අතළඟ.
7.සියදිවි නසාගන්නා ස්ත්රියක් දුටුවොත් ? ඔබේ සතුරා ඔබට පහර දීමට තැත් කරයි.
8.ස්ත්රීයක් අනතුරකට පත්වෙනවා දුටුවොත් ? දුර බැහැර සිටින ඥාතියෙකුට අනතුරක්.
9.පවුලේම ස්ත්රීයක් මරණවා දුටුවොත් ? පවුලේ අයෙකුට හදිසි අනතුරක්.
10.භික්ෂුණියක් දුටුවොත් ? සතුට සැපත සමාදානය.
11.ස්ත්රියක් දිය නානවා දුටුවොත් ? වාසනාව අතලඟ. 
12.නිරුවත් ස්ත්රී සිරුරක් දුටුවොත් ? සතුටුදායක ආරංචියක් .
13.දරුවකු වදන ස්ත්රියක් දුටුවොත් ? දින හතක් ඇතුළත විශාල ලාභයක්. 
14.ස්ත්රීයකට ගබ්සා වෙනවා දුටුවොත් ? භයානක උවදුරක් අතලඟ.
15.විළි රුදා ඇති ස්ත්රියක් දුටුවොත් ? ඉක්මණින් ම සුළු අසනීප ගතියක්. 
16.ස්ත්රියකගේ පියයුරු දුටුවොත් ? ප්රීතිදායක ආරංචියක්.
17.ස්ත්රියක් දියේ ගිලී මිය යනවා දුටුවොත් ? සතුටුදායක වෙලාවක දුක්බර ආරංචියක්. 
18.අවලක්ෂණ ස්ත්රීයක් දුටුවොත් ? නිවසේ භූත දෝෂයක්. 
19.ස්ත්රීයක් සමඟ කෝලාහලයක් දුටුවොත් ? ජීවිතය හුදකලා වීමට ආසන්නයි. 
20.ස්ත්රීයක් ආහාරයක් දුන්නොත් ? ප්රේමණීය සතුටක්. 
21.ස්ත්රීයක් මරණවා දුටුවොත් ? සතුරාගෙන් අනතුරක්.  
22.ස්ත්රීයක් ගී ගයනවා දුටුවොත් ? ප්රසන්න ආරංචියක්. 
23.ස්ත්රීයක් සහ මුදල් ගොඩක් දුටුවොත් ? ධනය වැනසී යයි. 
24.රෝගී කාන්තාවක් දුටුවොත් ? ස්වාභාවික විපතක්. 

1 comment:

  1. බිරිදට පහර දෙනව දුටුවොත්...?

    ReplyDelete

Powered by Blogger.