මගුල් අවමගුල් රෝග පීඩා විපත් සිහිනෙන් දැකීම.

මගුල් අවමගුල් රෝග පීඩා විපත් සිහිනෙන් දැකීම.
390.මංගල කැවිලි දුටුවොත් ? කරන දේ සතුටින අවසන් වේ.
391භූමදානයක් දුටුවොත් ? ළඟදීම මරණයක්. 
392.වම් අතේ තුවාල දුටුවොත් ? නින්දා අපහාස. 
393.පපුවේ රෝගයක් දුටුවොත් ? මිතුරෙකුගෙන් වෙන්වේ. 
394.ත්යාග දෙනවා දුටුවොත් ? ප්රේමණීය ලාභයක්. 
395.කිසිවෙකු කපා කොටා මරා තිබෙනු දුටුවොත් ? නඩු හබ.
396.මංගල සභාවක් දුටුවොත් ? ප්රීතිය සතුට ලැබේ.   
397.දියේ ගිලී මැරුණු අයෙකු දුටුවොත් ? කලකිරීමට පත්වේ.
398.දකුණු අතේ තුවාල දුටුවොත් ? මිතුරෙකු වෙන්වී යයි.
399.දියවැඩියාව හැදුනා දුටුවොත් ? දුර බැහැර ගමනක්. 
400. සම්මානයක් ලැබෙනු දුටුවොත් ? නඩු හබ වලින් ජය.
401.මිනිසෙකුට වද දෙනවා දුටුවොත් ? රහසිගත වැඩ මග ඇන හිටී.  
402.මංගල පෙරහැරක් දුටුවොත් ? දුරකින් ලාභයක් ලැබේ. 
403.දියේ ගිලී මරණයට පත්වූ අයෙකු දුටුවොත් ? සිත් වේදනා ඇතිවේ. 
404.රක්තවාතය හැදුනා දුටුවොත් ? සුළු රෝගයකින් මහත් විපතක්.
405.අංශභාගය හැදුනා දුටුවොත් ? පොඩි අලාභයක් සිදුවේ.
406.විශාල මුදල් ත්යාග ලැබෙනවා දුටුවොත් ? අලාභ හා අවමන් ලැබේ. 
407.සටනක් දුටුවොත් ? ශාරිරික ආබාධ ඇතිවේ.  
408.මංගල භෝජන සංග්රහයක් දුටුවොත් ? සතුටුදායක විනෝද චාරිකාවක්.
409.කිසිවෙකු මරන්නට තැත් කළොත් ? බියපත් වන කරදරයක්. 
410.පාද වල රෝග දුටුවොත් ? කටයුතු සාර්ථක වෙයි. 
411.අතීශාරය හැදුනා දුටුවොත් ? විවිධ අවමානයන්ට ලක්වේ. 
412.මංගල පෝරුවක් දුටුවොත් ? කරදර බාධක ඉවත්වී ඇත. 
413.කිසිවෙකු මරණයට පත් කරනවා දුටුවොත් ? බියජනක සිදුවීමක් දක්නට ලැබේ.
414.පිළිස්සීමක් දුටුවොත් ? සිතා මතාම වැඩ කටයුතු අත්හැර දමයි. 
415.සන්නි රෝගය හැදුනා දුටුවොත් ? බලය හීන වේ. 
416.පොත්පත් ලබනවා දුටුවොත් ? ඇත්ත හෙලිවී අපහාසයට ලක්වේ.
417.පැහැරගෙන යෑමක් දුටුවොත් ? වැඩ කටයුතු සාර්ථක වේ. 
418.රිය ගැටුමක් දුටුවොත් ? මිල මුදල් හානිවේ. 
419.මංගල මුද්ද දුටුවොත් ? අති මිත්රයෙකු සමඟ කෝලහාලයක්.
420.ඇදුම රෝගී වූවා දුටුවොත් ? පීඩාකාරී අනාගතයක්. 
421.පිලිකා රෝගය හැදුනා දුටුවොත් ? දියුණුවට බාධාවක්. 
422.ආභරණ ලැබුනා දුටුවොත් ? බලාපොරෝත්තු කඩවේ. 
423.නිරුවතින් තමන් සිටිනවා දුටුවොත් ? මුදල් හානිවේ. 
424.එල්ලා මරණවා දුටුවොත් ? තම ජීවිතයේ කාලය අවසන්ය.
425.ජයමංගල ගාථා කියනවා දුටුවොත් ? ප්රීතිදායක වූ ගෞරවයට බඳුන්වේ.
426.හුස්ම හිරවෙනවා හැඟුනොත් ?  පෙනහළු රෝග ඇතිවේ.
427.දත් ගැලවී වැටෙනවා දුටුවොත් ? බලවත් දුකක් හෝ මරණයක්.
428.මුදල් තෑගි ලබනු දුටුවොත් ? පාඩු සිදුවේ. 
429.දිළිඳු වනවා දුටුවොත් ? උසස් සහභාගීත්වයක්.     
430. කස පහර ගහනවා දුටුවොත් ? උපකාර කරන්නට ගොස් පාඩුවකට ලක්වේ. 
431.මංගල රථයක් දුටුවොත් ? උදව් කරන්නට ගොස් අලාභ හා අවමාන විඳී.
432.කළු කොඩි හෝ වැල් දුටුවොත් ? ප්රීතිය නැතිවෙයි. 
433.කකුල්වල වේදනාව දැනුනොත් ? වැඩිහිටියන්ගෙන් බාධා පැමිණේ.
434.සෙනඟ පිරුණු සභාවක් දුටුවොත් ? ජයග්රහනයට පසුව අපවාදයක්. 
435.සාගින්නෙන් පෙළෙනවා දුටුවොත් ? කොපමණ උත්සාහ කළත් ප්රතිඵල  අඩුය.  
436.රටින් පිටුවහල් කරනවා දුටුවොත් ? වටිනා දෙයක් අහිමි වෙයි. 
437.සභාවක් හෝ අවමගුල් සභාවක් දුටුවොත් ? ඈත් කළ අයගෙන් ලාභ.
438.සෙංගමාලය හැදුනා දුටුවොත් ? ධන ලාභ.
439.ප්රශංසා කරනවා දුටුවොත් ? නොකළ යුතු දෙයක් කරාවි. 
440.සාගතයක් පවතිනවා දුටුවොත් ? උත්සාහයන් අසාර්ථක වේ. 
441.සිර භාරයට ගන්නවා දුටුවොත් ? උත්සාහයේ තරමට ප්රතිඵල නැත. 
442.වේල් එක සහිත මනාලිය දුටුවොත් ? රහසක් අනාවරණය වෙයි. 
443.අවමංගල පෙරහැරක් දුටුවොත් ? මියගිය නෑයන්ගේ දේපල හිමිවේ. 
444.අත්පොලසන් දෙනවා දුටුවොත් ? ආධාර උපකාර ඉල්ලා මිතුරෙකු ඒවි.
445.සියදිවි හානි කරගන්නවා දුටුවොත් ? තමන්ාග් අයගෙන් කරදර ඇතිවේ. 
446.අවමංගල පෙරහැරේ ගමන් කරනවා දුටුවොත් ? කළ නොහැකි වූ දෙයක් කරාවි. 
447.සොහොන් පිටියක් දුටුවොත් ? හිතවතෙකුගේ මරණයක්. 
448.මිනී පෙට්ටියක් දුටුවොත් ? උසස් ප්රීතියක් අත්වෙයි. 
449.කථා පවත්වනවා දුටුවොත් ? සමාජසේවා කටයුත්තකට යොමු වේවි.
450.කෝලාහල කරනවා දුටුවොත් ? කරදරයක් ඇතිවේ. 
451.කන්දකින් පහළට තල්ලු කරනවා දුටුවොත් ? වැඩිහිටි පවුලේ අයකුට අනතුරක්. 
452.භූමිකම්පාවක් දුටුවොත් ? පවුලේ ආරවුල් අපහාස.

7 comments:

  1. සිහිනය දකින කෙනා මනමාලියක් වෙලා ඉන්නවා දැක්කොත්???

    ReplyDelete
  2. හිස කෙස් ගැලවී යනවා සිහිනෙන් දුටුවිට

    ReplyDelete
  3. මලගෙයක් දුටුවොත්??

    ReplyDelete
  4. තාත්ත එයගේම මරණයට බඩු ලෑස්ති කර්ගෙන මල්ශාලාවට ගිහින් මිනිය අපි වලලලා පස්සෙන්දා බත් කදින් අපි කන එවගෙන් අපි එක්ක්ම කෑම කාල යනව දැක්කොත්.... please rriply me

    ReplyDelete
  5. සුදු කොඩි දැක්කොත් සහ මිනිසෙකුව සුදු රෙදි වලින් ඔතනවා දැක්කොත්

    ReplyDelete

Powered by Blogger.