Ada dawase lagna palapala 2019-08-30 | ලග්න පලාපල

Ada dawase lagna palapala 2019-08-30 | ලග්න පලාපල

අද දවස ඔබට

2019 අගෝස්තු මස 30 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.04
ඉර බැසීම  - පස්වරු 18.18
රාහු කාලය
දිවා 10.34 සිට 12.03 දක්වා
රාත්‍රී 22.34 සිට 00.03 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
සිත් ඇදගන්නාසුලු  මෘදු කතා විලාසයකින් යුක්තව අද දිනය ගත වේ. ධන සම්පත් වැඩි වීමට හේතු වන ඉඩකඩ පවතී. කල්පනාකාරීවන්න. තමා පදිංචි ස්ථානයේ යම් යම් කරදර ඇතිවීමට ඉඩකඩ පවතී. ව්‍යාපාර කටයුතු ආදියෙන් ලැබීම් අතින් යහපත්ය. මවගේ දේපළ සම්බන්ධ නීතිමය ගැටලු ඇතිවිය හැකි දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න.ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,
වෘෂභ
සමාජයේ ගෞරවයට ප්‍රශංසාවට ලක් වේ. රූපය පිළිබඳ වෙනදාට වඩා වැඩි සැලකිල්ලක් අද දිනය තුළ දක්වයි. පියාට හා බාල සහෝදරයකුට අපලකාරී බවක් පෙන්නුම් කරයි. ලේඛන කටයුතුවල නිරත පුද්ගලයන්ට බාධා ඇති වේ. මිල මුදල් ආදියේ වැයවීම් තත්ත්වයක් පෙන්නුම් කරයි. හදිසි අනතුරු ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මැසි මදුරු ආදීන්ගෙන් අසුබතා ඇති විය හැකිය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,
මිථුන
 තමා භාවිතා කරන වචන නිසා ප්‍රශ්න ඇති වේ. වියදම් පක්ෂය ඉහළ යා හැකිය. අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට යහපත් වේ. ප්‍රේම සම්බන්ධතාවලට බාධා අවහිරතා ඇති වේ. විදෙස් රැකියා ආදියට ඉඩ ලැබෙයි. තමාට වඩා උගත් අයකුගේ විවාහ යෝජනාවක් ස්ථිර වේ. කාන්තාවන්ට ගර්භාෂගත රෝග ඇති වීමට ඉඩකඩ ඇති වේ. ලේ දෝෂ තත්ත්වයන් ද ඇති වේ. උසස් අධ්‍යාපනය සඳහා විදෙස් රටවලට යාමට ඉල්ලීම් කිරීමට සුබයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,
කටක
දේපළ සම්බන්ධ හෝ යාන වාහන සම්බන්ධව යම් කිසි නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදු වේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට වේ. කාලත්‍ර පාර්ශවය සමඟ ගැටලු ඇති වීමට පුළුවන. ජලයෙන් විපත් ආදිය ඇති වීමට හා හදිසි අනතුරු ඇති වීමට ඇත. රැකියාවේ උසස්වීම් ලැබෙයි. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් ඔබට යහපත්ය. හිත මිතුරන් සමඟ සුහදතාව වැඩි වේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,
සිංහ
දරුවන් සම්බන්ධව ගැටලු ඇති වීමට ඉඩකඩ පවතී. රැකියාව කරන ස්ථානයේ දී තම තත්ත්වය උසස් වේ. ඇඟලුම් ආශ්‍රිතව කරන ව්‍යාපාරයන් දියුණු වේ. විදේශ ගතවීම්වලට බලාපොරොත්තු වන අයට බාධා මතු වේ. යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් ලැබෙයි. මල් වැවීම ආදියේ නිරත වන්නන්ට ද ලාභ ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා මතුවිය හැකිය. සුවබර නින්දකට අද දිනය බාධාකාරී විය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01,
කන්‍යා
තමාගේ පෙර පින් මතු වන දිනයකි. ආගමික භක්තිය වැඩි කරවයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනියි. රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. විදෙස් රැකියා බලාපොරොත්තු වන අයට සුබදායකය. පිය පාර්ශ්වයේ ඥාතීන්ට අපල ගෙනදිය හැකිය. දරුපල සම්බන්ධ ගැටලු ඇති වේ. නොහඳුනන පිරිස් සමඟ කරන සංවාද ගනුදෙනු ආදියෙන් ඔබට අපහසුතා විඳීමට සිදුවිය හැකිය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,
තුලා
පවුල් ජීවිතය තුළ විවිධ ගැටලු ඇති වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතුවලට සතුටුුදායක දිනයකි. අධ්‍යාපනයට  යහපත් වේ. රැකියාවේ වෙනසක් හෝ අහිමි වීමක් වීමට ඉඩ තිබේ. රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී කලකෝලාහල ඇති කර ගැනීමෙන් වළකින්න. විදේශගත මිතුරන්ගෙන් උපකාර ලැබීම්වලට හේතු වේ. ගිවිසුම් ආදියට එළැඹීමෙන් වළකින්න. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,
වෘශ්චික
වෙනදාට වඩා ප්‍රේමණීය හැඟීම් ඇති වේ. යුග දිවියේ සාමය සතුට වර්ධනය වේ. හවුල් ව්‍යාපාරවලින් දියුණුව සැලසේ. සමාජය තුළ අන්‍යෝන්‍ය සුහදතාවකින් යුතුව කටයුතු කරයි. නඩුහබවලින් ජය ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල නිරත වූ දරුවන්ට සුබ දායකය. රැකියා හා සම්මුඛ පරීක්ෂණ ආදියට සුබදායකය. මුත්‍රාශය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකි නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. පංච වර්ණ මල් පූජා කරන්න.ජය වර්ණය - රතු,   ජය අංකය -09,
ධනු
සහකරුගේ හෝ සහකාරියගේ ධනය නිකරුණේ වියදම් වේ. මුත්‍රාශය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇති වෙන රෝග අද දිනයේ ඔබට හානි කරයි. බාල සහෝදරියන්ට අපල ගෙන දෙයි. අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. හදිසි අනතුරුවලට හේතු වේ. එමනිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. කෙටි ගමන් බිමන් යෙදේ. කලකින් හමු නොවූ මිතුරකු හමුවීමට අවස්ථාව සැලසේ. අද දින නිර්මාංශව සිටින්න.ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03, 
මකර
ඉවසීමෙන් යුතුව කටයුතු කරයි. ආදායම් මාර්ගවලට බාධා ඇති වේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. මවුපිය උරුමයෙන් දේපල ලැබෙන දිනයකි. උසස් ශාස්ත්‍ර ඉගෙනීමට නැඹුරුතාවක් දක්වයි. ගෘහ නිර්මාණ ශිල්පයට යහපත් වේ. මුදල් උපයා ගන්නා මාර්ග වැඩි දියුණු වේ. සුබ කටයුතුවලට ආරාධනා ලැබෙයි. මිතුරු සබඳතා වැඩි වේ. බොහෝ පිරිසක් අතර නායකත්වය ගෙන ක්‍රියා කරයි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - නිල්, ජය අංකය -08, 
කුම්භ
ගෘහ ජිවිතය සතුටින් ගත කරයි. භූමි ලාභවලට හේතුයි. කෘෂිකාර්මික නිෂ්පාදනවල දියුණුවක් ඇති වේ. අන් අය අතර විශ්වාසය සුහදතාව ගොඩනැගේ. කලක් තිස්සේ තිබූ මානසික අසහනය දුරු වේ. ගිලනුන්ට උපස්ථාන කිරීමට කැමැති වේ. උදරාබාධවලට හේතු වේ. රැකියා හා සම්මුඛ පරීක්ෂණ ආදියට සුබදායකය. ප්‍රියසම්භාෂණ ආදියට ආරාධනා ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු ප්‍රතිඵල ළඟා කරයි. අද දින නිර්මාංශව සිටින්න.ජය වර්ණය - නිල්, ජය අංකය - 06, 
මීන
දේශපාලන කටයුතු  කරන අයට සුභ සුබදායකය. කෘෂි කෘෂිකාර්මික කටයුතුවල නිරත අයට ලාබ ඇති කරයි. ඔබ මහජන ඇගයීමට ලක් වේ. පුණ්‍ය කටයුතුවලට පෙළඹෙයි. පවුල් ජීවිතයේ සාමය වර්ධනය වේ. ඔබගේ කටයුතු සඳහා අන් අයගේ සහයෝගය ලැබෙන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට සුබ දායකයි. පිය පාර්ශවයේ ඥාතීන්ගේ හමුවක් බලාපොරොත්තුවන්න. රසවත් ආහාර ආදිය රස විඳීමට ලැබෙන දිනයකි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න.ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


sihina palapala|sihina palapala le dakima|sihina palapala sathun|sihina palapala sarpayan|sihina palapala sinhala meaning|sihina palapala sinhala|sihina palapala 2019|sihina palapala animals|sihina palapala sinhalen,|sihina palapala sathun dakima|sihina palapala animals 2020|sihina palapala gindara|sihina palapala in sinhala|sihina palapala kiri|sihina palapala mal|sihina palapala nai dakima|sihina palapala naya|sihina palapala pdf|sihina palapala snake|sihina palapala 2019 sinhala|sihina palapala 2019|ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022 |rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 
 

No comments:

Powered by Blogger.