Lagna Palapala Ada Dawase | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-01-22

Lagna Palapala Ada Dawase  | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-01-22

අද දවස ඔබට

2020  ජනවාරි මස 22 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 06.29
ඉර බැසීම  - පස්වරු 18.16
රාහු කාලය
දිවා 12.29 සිට 13.28 දක්වා
රාත්‍රී 00.29 සිට 01.28 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ 
ලිපි කටයුතු ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවයි. අධ්‍යාපන කටයුතුවලට සුබදායකය. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දක්වයි. සතුරු කරදර මතු විය හැකිය. සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවලට ඉල්ලීම් කිරීමට සුබයි. ධනය ලැබීමට ඉතා යහපත් දිනයකි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට සුදුසු දිනයකි. විදේශ රැකියා හෝ සංචාර සඳහා බලාපොරොත්තු වන අයට යහපත් ප්‍රතිපල ලැබෙනු ඇත. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ඔබ අපහසුතාවයට පත් කළ කලක් පැවති රෝග තත්ත්වයක් සුව වේ. ප්‍රේම සබඳතාවලට තරමක් බාධා මතු විය හැකිය. මානසික අසහනය ඇති විය හැකිය. හවුල් ව්‍යාපාර ආදියෙන් පාඩු සිදුවිය හැකිය. එම කටයුතුවල දී කල්පනාකාරීව කටයුතු කරන්න. කාර්මික අංශයේ රැකියාවල නිරත අයට වඩාත් සුබ ඵලදායක ප්‍රතිඵල පෙන්වයි. නිවාස ඉඩකඩම් දේපොළ ලාභ පෙන්නුම් කරයි. ධනය ලැබීම අතින් යහපත් දිනයකි. පවුල් ජීවිතය සාමකාමීව ගෙවෙයි. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
වෙහෙස මහන්සි වී වැඩ කටයුතුවල නියැළීමෙන් ලාභ ප්‍රයෝජන අත්වේ. පවුල් ජීවිතය තුළ මත ගැටුම් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ඌෂ්ණ රෝග තත්ත්වයන් ඇති වේ. අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට උසස් ප්‍රතිඵල ළඟා කරගත හැකිය. ආදායම් මාර්ග වර්ධනය වේ. අහිමි වී ගිය යමක් නැවත ලබා ගත හැකි දිනයකි. මිතුරන්ගේ ඇසුර නිසා ලාභ ප්‍රයෝජන අත් විය හැකිය. ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගී වේ. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
මඟතොට දී අනවශ්‍ය කරදරවලට ලක්විය හැකිය. කලක් තිස්සේ පැවති ගැටලුවලින් සහනයක් ලැබිය හැකි දිනයකි. එහෙත් පවුල් ජීවිතය තුළ මත ගැටුම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ක්‍රීඩා කටයුතුවල නියැළී සිටින්නන්ට ජයග්‍රහණ අත් විය හැකිය. රැකියා කටයුතුවලට සුබදායක දිනයකි. කීර්තිය ප්‍රශංසා ගරු නම්බුනාම ලැබිය හැකි දිනයකි. සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින්නන්ට උසස් ප්‍රතිඵල අත්වේ. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
ආගමික කටයුතුවලින් සිතේ සහනය ළඟා කර ගනී. සහෝදරයන් සමඟ මතභේද ඇති වීමට පුළුවන. ධනය ලැබීමට වඩාත් සුදුසුයි. වැය පාර්ශවය ද ඉහළ යයි. ප්‍රේම සබඳතාවලට සුභ දිනයක් නොවේ. කලක් තිස්සේ පැවති රෝගාබාධයන් සුව අතට පත්වන ලකුණු පහළ වේ. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයට සුබදායක ආරංචි ලැබෙයි. ධෛර්යය සහ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට උත්සාහ දරන දිනයකි. අයහපත් මිතුරු ඇසුර සුබ නැත. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
තමා කරන කටයුතුවලින් කීර්තිය ප්‍රශංසා නම්බුනාම ලැබිය හැකිය. ප්‍රේම සබඳතාවලට සුබදායකය. පවුල් ජීවිතය තුළ සැනසිලිදායක තත්ත්වයක් උදා කරයි. පියාගෙන් උදවු උපකාර ලැබිය හැකිය. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. මිතුරන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබේ. රැකියා ස්ථානයේ තරමක් ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකිය. ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. සිතට සහනය ඇති කරන දිනයකි. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
සමාජ කටයුතුවල නියැළීමෙන් ගෞරවය ප්‍රසිද්ධිය අත්පත් විය හැකි දිනයකි. උසස් අධ්‍යාපනයේ නියැළී සිටින්නන්ට සුබදායකය. ආගමික කටයුතුවල නියැළීමෙන් සිතේ සතුට, සැනසීම ඇති කරයි. ධනය වර්ධනය විය හැකි දිනයකි. ප්‍රේම සබඳතාවල කරදර බාධා ඇතිවිය හැකි කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයන් සුවපත් වී සහනයක් ලබා ගත හැකි වේ. මුහුදු ආරක්ෂක අංශයේ රැකියාවල නියැළී සිටින්නන්ට සුබදායකය. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
සම්මුඛ පරීක්ෂණ ආදියෙන් තමන් සිතූ ජයග්‍රහණ ලබා ගනියි. රැකියා කටයුතුවල දී තම හැකියාවන්වලින් ප්‍රයෝජන ලද හැකිය. කෙටි ගමන් බිමන් යෙදිය හැකිය. සහෝදරයකුගේ උදවු උපකාර ලැබෙන දිනයකි. ප්‍රේම සබඳතාවලට බාධා ඇතිවිය හැකිය. ක්‍රීඩා කටයුතුවල නියැළී සිටින්නන්ට තම දක්ෂතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසේ. ධෛර්යයෙන් යුක්තව ක්‍රියා කරන දිනයකි. තෙල් සහිත ආහාර අද දිනයේ අසුබ ඇති කරයි. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
ගිලනුන්ට උපස්ථාන කිරීමට කැමැත්තක් දක්වයි. සතුන්ගෙන් හානි විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ආදායම් මාර්ග විවර වේ. සිතේ නොසන්සුන් තත්ත්වයක් ඇති විය හැකිය. සතුරු කරදර මතුවිය හැකිය. පවතින රෝගාදිය උත්සන්න වීමේ අවධානමක් පවතී. ඉඩකඩම් යාන වාහන මිල දී ගැනීමට සුදුසු දිනයකි. මවු පාර්ශ්වයෙන් ලැබීමට ඇති උරුමකම් ලැබීමට ඉඩකඩ පවතී. යටිබඩ ආශ්‍රිත ප්‍රදේශවල ආබාධ ඇති වීමට පුළුවන. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03
මකර
නව නිර්මාණ ආදිය ඉදිරිපත් කිරීම තුළින් ප්‍රශංසා හිමිවන දිනයකි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇති බැවින් ගමන් බිමන් යෑමේ දී ප්‍රවේශම් වන්න. ණයට දුන් මුදල් ආපසු ලැබෙයි. විවාහ සහකරු හෝ සහකාරියට අපල තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. ගංගා ඇළ දොළ ආදියෙහි දිය නෑමෙන් අනතුර සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින දූ දරුවන්ට ඉතා සුබදායකයි. ක්‍රීඩා කටයුතුවලින් ජය ලබයි. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
බාධක මර්දනය කරමින් කාර්යක්ෂමව තම කටයුතු කර ගනියි. ධන ලාභ ලැබීමට ඉඩකඩ පවතී. සහෝදරයන් සමඟ අමනාපකම් ඇති වීමට ඉඩ ඇත. අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින්නන්ට සුබදායකය. ආගමික කටයුතුවල යෙදීමෙන් සිතට සහනය ළඟා කරගත හැකි දිනයකි. නීතිමය කටයුතුවලින් පරාජයන් අත් විඳීමට ඉඩ ඇත. ආත්ම ශක්තියෙන් හා  ධෛර්යයෙන් යුතුව දවසේ කටයුතු ඇරඹිය හැකිය. මුදල් ණයට දීම සුබ නැත. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
කලකින් හමු නොවූ ඥාතියෙක් ඔබ සොයා පැමිණෙනු ඇත. ප්‍රිය සම්භාෂණයකට ආරාධනා ලැබෙයි. ධනය ලැබීම් අතින් යහපත් දිනයකි. නමුත් වියදම් පක්ෂය ද ඉහළ යා හැකිය. ආගමික කටයුතුවල යෙදීමට වැඩි කැමැත්තක් දක්වයි. පවුල් ජීවිතය තුළ සතුට සාමය උදා කරයි. රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. උගුර, කන ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ පවතී. යන එන ගමන් බිමන්වල දී ප්‍රවේශම් වන්න. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03























































Sihina Palapala-Sihina Palapala le Dakima-Sihina Palapala Sathun-sihina Palapala Sarpayan-sihina Palapala Sinhala Meaning-Sihina Palapala Sinhala-sihina Palapala 2020-Sihina Palapala Animals-sihina Palapala sinhalen,-Sihina palapala sathun Dakima-sihina palapala Animals 2020-sihina Palapala Gindara-sihina Palapala in sinhala-sihina Palapala kiri-sihina Palapala Mal-sihina Palapala nai Dakima-sihina Palapala Naya-sihina Palapala Pdf-sihina Palapala snake-sihina Palapala 2020 sinhala-sihina Palapala 2020-Ada Dawase Lagna Palapala-Ada dawase Lagna Palapala Hiru tv-Ada Dawase lagna Palapala Sinhala, Ada Dawase Lagna Palapala 2020-Ada dawase lagna Palapala Manjula Peiris-Ada Dawase Lagna Palapala 2022 -Rahu kalaya-Rahu kalaya 2020Today-Rahu kalaya Today-Rahu kalaya tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-ada dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2020-Rahu kalaya heta-heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 may 3
 

No comments:

Powered by Blogger.