
2018 දෙසැම්බර්
මස 12 වන බදාදා
ඉර උදාව - පෙරවරු
06.12 ට
ඉර බැසීම - පස්වරු 17.56
රාහු කාලය
දිවා 12.12 සිට 13.41 දක්වා
රාත්‍රී 00.12 සිට 01.41 දක්වා
සුභ දිශාව - උතුර
මරු
සිටින දිශාව - නිරිත
මේෂ
අධික රුධිර පීඩනය වැනි අසනීපවලින් පීඩා විඳින අය අද දිනයේ කල්පනාකාරී
විය යුතුය. පැණි රස ආහාර පිළිබඳ විශේෂ ඇල්මක් අද දිනයේ ඇති කරවයි. විවේකය තරමක්
අඩු කරවන දිනයක් නිසා දවස වෙනදාට වඩා වෙහෙසකර වේ. පවුල් ජීවිතය තුළ අපේක්ෂිත ලෞකික
සැප සම්පත් ලැබෙයි. ඔබ බොහෝ දෙනකුගේ උපදේශකයකු බවට පත් වෙයි. උසස් අධ්‍යාපන කටයුතු
සඳහා විශේෂ උදවු උපකාර ලැබෙයි. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් ඔබ විසින් වැය කරයි.
අස්ථානගතව තිබූ දෙයක් හදිසියේ ඔබට හමු වීමට පුළුවන. මිතුරු සබඳතා සඳහා සුබදායක
තත්ත්වයක් ඇති නොකරයි. ආගම සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් මහන්සි වී කටයුතු කරයි. ඔබ
බලාපොරොත්තු නොවූ රැකියාවක් පිළිබඳ ආරංචියක් ලැබෙයි. හදිසි ධන ලාභ ඇති කරවන
දිනයකි. උත්සාහය මත අද දිනයේ කටයුතු ඔබට වඩාත් සාර්ථකව ඉටු වනු ඇත. ජය වර්ණය -
නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
දැඩි ඉවසීමෙන් යුක්තව කටයුතු කළ යුතු දිනයකි. දූ දරුවන්ගේ කටයුතු
වෙනුවෙන් වැඩි වේ වෙහෙසක් දැරීමට සිදුවේ. රැකියාවේ කටයුතු සඳහා අද දිනය සුබදායක
නැත. දණහිස් ආබාධ මතු කරවයි. ආදායම් තත්ත්වය වර්ධනය සඳහා සුබදායක දිනයක් නොවේ.
අනවශ්‍ය ධන හානි ද ඇති කරවිය හැකිය. නව මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු හඳුනා
ගැනීමට අවස්ථාව සැලසේ. නිවසේ වටිනා බඩු බාහිර ආදිය අද දිනයේ ප්‍රවේශම් කරගත යුතුය.
ජය වර්ණය - කොළ, ජය අංකය -
05, ගිතෙල් මිශ්‍ර
පහනක් දල්වන්න.
කටක
නව ව්‍යාපාරික අවස්ථා කීපයක් සඳහා ආරාධනා ලැබෙයි. අනවශ්‍ය ගමන් බිමන්
නිසා මානසික සතුට අවම කරයි. පිය පාර්ශවයේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙස වීමට සිදු වේ.
පවුලේ සාමාජිකයින් සමඟ මත භේද ඇති විය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
අපේක්ෂිත ලාභ ප්‍රයෝජන ව්‍යාපාරවලින් ලද හැකි දිනයකි. කාර්මික ක්ෂේත්‍රයේ නිරත අයට
සුවිශේෂී වේ. රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වන දිනයකි. ජය වර්ණය -
ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
රූපලාවණ්‍ය කටයුතුවල නිරත අයට වැඩි වාසි සැලසේ. අධ්‍යාපන කටයුතුවලින්
බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා නොකරයි. මතක තබා ගැනීමේ ශක්තිය දුර්වල විය හැකිය.
සම්මුඛ පරීක්ෂණ ආදියෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබේ. අක්ෂි ආබාධ මතු කරයි. අද
දිනය තුළ ඔබ නායකයෙකු වශයෙන් කැපී පෙනෙයි. පියාගේ පාර්ශ්වයේ ඉඩකඩම් කටයුත්තකට වෙහෙස වීමට වේ. අධික තෙල්
සහිත ආහාර අද දිනයේ ඔබට ගැටලු ඇති කරවිය හැකිය. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ලිපි කටයුතු කිහිපයක් නිසා අද දිනයේ ඔබ අපහසුතාවයට පත් විය හැකිය.
බැංකු සම්බන්ධ කටයුත්තකට අත්සන් කිරීමට අද දිනයේ ඔබට වේ. දුර බැහැර ආගමික
කටයුත්තකට සහභාගි වීමට අවස්ථාව උදා වේ. උදරයේ පහළ අසනීප ගති මතු කරවිය හැකිය. කලා
කටයුතුවල නිරත අයගේ කටයුතු සාර්ථක කරයි. නොසිතූ ප්‍රසිද්ධියක් ද අත් කර දිය හැකිය.
රැකියා ස්ථානයේ දී තමාට සිදුවන අසාධාරණයක් පිළිබඳ උසස් අය වෙත පැමිණිල්ලක් කරයි. ජය
වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක්
දල්වන්න.
තුලා
තැන්පත් ධනය වැය වීමක් හෝ මුදල් සම්බන්ධයෙන් හානියක් පෙන්නුම් කරයි.
සහෝදරයෙකුගේ කාර්යයක් සඳහා වැඩි කාලයක් කැප කරයි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට අද
දිනය සුබදායක නොවනු ඇත. දණහිස් ආබාධ ආදි අද දිනයේ මතු කරවයි. රැකියා ස්ථානයේ ප්‍රධානියා
සමඟ සුහදව කටයුතු කළ යුතු දිනයකි. නැතිනම් අනවශ්‍ය මත ගැටුම්වලට ලක් විය හැකිය.
වටිනා බඩුබාහිර ආදිය සොර සතුරන්ගෙන් ප්‍රවේශම් කරගන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
කෘමි සතුන්ගෙන් ප්‍රවේසම් විය යුතු දිනයකි. ප්‍රේම සබඳතාවල දී කලහකාරී
තත්ත්වයන් මතු කරවිය හැකිය. කල්පනාකාරී වන්න. ඔබ බොහෝ පිරිසකගේ සුභ සිද්ධිය
වෙනුවෙන් අද දින වෙන් කරයි. උදරයේ පහළ අසනීප ගති මතු කරයි. අද දිනයේ
අවිනිශ්චිතභාවය ඔබගේ කටයුතුවලට බාධා ඇති කරයි. යුගදිවි සබඳතා සඳහා සුබදායක දිනයක්
නොවේ. සම්මුඛ පරීක්ෂණ ආදියට ඉදිරිපත් වන අයට බලාපොරොත්තු ජයග්‍රහණ අත්පත් වේ. ජය
වර්ණය - රතු, ජය අංකය
- 09, නෙළුම්
මලක් පූජා කරන්න.
ධනු
කලාත්මක කටයුතුවල නිරත අයගේ හැකියාවන් වර්ධනය වේ. කාලත්‍ර පාර්ශවයේ
හදිසි අසනීප ගති මතු කරවිය හැකිය. ලොතරැයි වාසනාව උරගා බැලීමට අද දිනය සුබදායක
දිනයකි. ආහාර වර්ග පිළිබඳ අවධානය යොමු කරයි. පැරණි ගෘහ භාණ්ඩ කිහිපයක් ඔබ අතින්
පරීක්ෂා කෙරේ. සහෝදරයකු සමඟ සිත් අමනාප වීමක් අද දිනයේ සිදුවිය හැකිය. කල්පනාකාරී
වන්න. ගොවිතැන් ආශ්‍රිත කටයුතුවලින් වැඩි ලාභ අත් කරවයි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
මකර
හිතවතුන් කිහිප දෙනෙකු සමඟ ප්‍රිය සම්භාෂණයකට සහභාගි වීමට අවස්ථාව
සැලසේ. නව රැකියා සඳහා ඉඩකඩ ලැබේ. සම්මුඛ පරීක්ෂණ ආදියට ඉදිරිපත් වීමට ද සුබ
දිනයකි. ආරක්ෂක අංශවල කටයුතුවල වැඩි ප්‍රගතියක් ඇති කරවයි. ආගම දහම සම්බන්ධ
කටයුත්තකට මැදිහත් වීමට සිදු වේ. මනස වෙහෙසා කරන කටයුතුවලින් වෙනදාට වඩා ඔබට ප්‍රසිද්ධියක්
අත්වේ. බොහෝ පිරිසකගේ ප්‍රශංසාව ඔබට හිමි වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
ඇසුරු කරන වැඩි පිරිසකගේ අවධානයට ඔබගේ ක්‍රියාවක් ලක්විය හැකිය. බාල
සහෝදරයකුගේ කටයුත්තකට මැදිහත් වීමට ඔබට වේ. නිවසේ කටයුතුවල දී ආවේගශීලී බව නිසා
ගැටළු ඇති කරවයි. රථ වාහන අලුත්වැඩියා කටයුතු පැමිණිය හැකිය. අවධානයෙන් සිටින්න.
හිතට එකඟව නොකරන කටයුත්තක් නිසා අද දින ඔබට ගැටලු ඇතිවිය හැකිය. රැකියා ස්ථානවල දී
මුදල් සම්බන්ධ ගැටලු ඇතිවිය හැකි නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
මීන
කාලත්‍ර පාර්ශ්වයේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට වේ. උදරාබාධ හෝ දණහිසේ
පහළ ආබාධ තත්ත්වයන් මතු කරවයි. ආගමික කටයුත්තක් සඳහා නිවසින් පිට ආරාධනයක් ලැබේ.
ඖෂධ සම්බන්ධ කටයුත්තකට මැදිහත් වේ. පවුලේ අය සමඟ සුළු මත ගැටුම් ඇතිකර විය හැකිය.
ඔබගේ නිවසේ කාර්යයක් සඳහා අසල්වැසි අයගෙන් උදවු උපකාර ලබා ගනියි. රැකියා ස්ථානයේ
කටයුතු වෙනදාට වඩා උද්යෝගයෙන් යුතුව වන දිනයකි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
sihina palapala|sihina palapala le dakima|sihina palapala
sathun|sihina palapala sarpayan|sihina palapala sinhala meaning|sihina palapala
sinhala|sihina palapala 2019|sihina palapala animals|sihina palapala
sinhalen,|sihina palapala sathun dakima|sihina palapala animals 2020|sihina
palapala gindara|sihina palapala in sinhala|sihina palapala kiri|sihina
palapala mal|sihina palapala nai dakima|sihina palapala naya|sihina palapala
pdf|sihina palapala snake|sihina palapala 2019 sinhala|sihina palapala 2019|ada
dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna
palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala
manjula peiris|ada dawase lagna palapala 2022 |rahu kalaya|rahu kalaya 2019
today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya
today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today
colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu
kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya
2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu
kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on
wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september
2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu
kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu
kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019
january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: