Lagna Palapala Ada Dawase | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2019 | 2019-03-10

Lagna Palapala Ada Dawase  | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2019 | 2019-03-10 

අද දවස ඔබට

2019 මාර්තු මස 10 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 06.20 
ඉර බැසීම  - පස්වරු 18.22
රාහු කාලය
දිවා 16.50 ට සිට 18.19 දක්වා
රාත්‍රී 04.50 සිට 06.19 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
සෞඛ්‍ය තත්ත්වයට යහපත් දවසකි. වැය පාර්ශ්වය ඉහළ යයි. නින්දේ දී මැසි මදුරු ආදීන්ගෙන් පීඩා විඳීමට සිදුවිය හැකිය. කාලත්‍රයාගේ රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. රජයේ දඬුවම්වලට ලක්විය හැකි නිසා කල්පනාකාරී වන්න. බාහිර පාර්ශ්වයන් සමඟ කරන ගනුදෙනුවල දී ඉතා ප්‍රවේසමෙන් වචන භාවිතා කළ යුතුය. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීම භාවනා ක්‍රම පුරුදු වීම ආදියට සුබයි. වගා කටයුතු ආදියට සුභ දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
තමා කරගෙන ආ කටයුතුවල යහපත් නිමාවක් දැකිය හැකි දවසකි. මිතුරු සබඳතාවල දී තම මතය ඉස්මතු කිරීමට වෙර දරයි. සියලුම මාර්ගවලින් ලැබෙන ආදායම  අද දිනයේ සුබදායකය. නව බඩු භාණ්ඩ කිහිපයක් නිවසේ අවශ්‍යතාවකට මිල දී ගනියි. සහෝදර සහෝදරියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට සිදු වේ. චිත්‍ර කලා ආදියෙහි නිරත අයට නව නිර් නිර්මාණ අවස්ථා බිහි කරනු ඇත. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
සම්මුඛ පරීක්ෂණ නව රැකියා අවස්ථා ආදිය උදා කරයි. උසස්වීම්වලට හේතු වේ. පිය පාර්ශවයේ ඉල්ලීම් දිනා ගැනීමට අද දිනය සුබදායකය. බාල සහෝදරයාගේ අසනීප තත්ත්වයක් මතු කරයි. සටන්කාමී ක්‍රීඩාවලින් ජයග්‍රහණ වාර්තා කළ හැකිය. පොදු ජන සේවයේ සමාජ කාර්යයන් සඳහා වැඩි කැප කිරීමක් කරයි. වෙළෙඳ හා වාණිජ  කටයුතුවලින් බලාපොරොත්තු අභිමතාර්ථ කරගත හැකිය. කොඳු ඇටය ආශ්‍රිත වේදනා මතු කරයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
පිය පාර්ශවයේ ලැබීම් සඳහා අද දිනය සුබදායකය. උසස් හා ගැඹුරු ශාස්ත්‍ර ධර්මයන් ඉගෙනීම කරන්නන්ට සුබදායක වේ. දීර්ඝ ගමන් ආදිය තුළින් දිනයේ සවස් කාලය විඩාබර කළ හැකිය. ආගමික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වා ඒ පිළිබඳව ක්‍රියාකාරකම්වල ද නිරත වේ. විදේශ ගමන් බලාපොරොත්තුවන අයගේ කටයුතු සඵල කරයි. පෝෂණ ගැටලු නිසා ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් වන්න. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
තමා වෙත පැවැති කල් පවත්නා රෝග ආදියෙන් මිදීමට ප්‍රතිකාර පිණිස සුභ දිනයකි. හවුල් ව්‍යාපාර කොන්ත්‍රාත් ආදියෙන් ලාභ ලැබිය හැකිය. අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා කරගත නොහැකි දිනයකි. කාලත්‍ර පාර්ශවය සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ වචන භාවිතය සංවර විය යුතුය. ආයුධ ගින්දර ආශ්‍රිත රැකියාවල නියුතු අය කල්පනාකාරී විය යුතුය. කටයුත්තකට සිත යොමු වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
විවාහය සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරීව තීරණ ගත යුතු සබඳතාවල දී තම අධිකාරීත්වය පැතිරවීම සුබදායක නොවේ. හවුල් ව්‍යාපාර ආදියේ නිරත අය තම කටයුතු වෙනුවෙන් නීතිමය උපදෙස් ලබා ගන්නා දිනයකි. මවගේ දේපළ සම්බන්ධ කටයුත්තකට මැදිහත් වීමට සිදු වේ. නව ගිවිසුම් ආදියට එළඹීමට සුබදායක දිනයකි. කලාකාමී සිතුවිලි හද තුළ ඇති කරයි. මුත්‍රාශය සම්බන්ධ ආබාධ පැන නැගිය හැකිය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
පවත්නා අසනීපවලින් මඳ සහනයක් ලද හැකිය. පැවති සතුරු කරදර මඳක් ඈතට යයි. නිවසේ ඇති කරන සුරතල් සතුන්ගෙන් බාධා විය හැකි. ණය ගැනීම්, ණය දීම් ආදී කටයුතුවල දී දෙවරක් කල්පනා කළ යුතුය. අභූත චෝදනා ආදිය නිසා යම් අපහසුතාවක් මතු කරයි. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ සතුටුදායක යමක් වීමට පුළුවන. අධ්‍යාපන කටයුතුවල පැහැදිලි ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකිය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
අධ්‍යාපන කටයුතුවලින් පැහැදිලි ජයග්‍රහණ ලබාගත හැකිය. නව ශාස්ත්‍ර ධර්ම ඉගෙනීමට ද සිත යොමු වේ. ප්‍රේම සබඳතා ආදියේ දී කලහකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. රජයට සම්බන්ධ ආයෝජන අවස්ථාවලට අද දිනය සුබදායකය. ආගමානුකූල සිතිවිලි සිත තුළ වර්ධනය වේ. සුබ කටයුත්තකට ආරාධනා ලැබිය හැකිය. කාලත්‍ර පාර්ශවයේ ලැබීම් සඳහා සුබදායකය. අනාගතය පිළිබඳ නිවැරැදි තීන්දු ගත හැකි දිනයකි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
නිවාස අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් යොමු වනු ඇත. කෘෂිකර්මයට අදාළ නිෂ්පාදනවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. රජයට සම්බන්ධ බදු මුදල් ආදිය ගෙවීම සුබදායකය. තමා ආරම්භ කළ කාර්යයක් යහපත් ආකාරයෙන් නිම කළ හැකිය. ජනප්‍රියත්වය පතා කරන කටයුතුවලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යා හැකිය. පැරණි දේ පිළිබඳ අගය කිරීම් සිදු කරයි. රථ වාහනවල අලුත්වැඩියා සිදුවිය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු කිහිපයක් වෙනුවෙන් රජයේ හෝ නීති සහාය පැතීමට සිදුවන දිනයකි. ජාතික හැඟීම් ඉස්මතු කරවන දේ සඳහා සවන් දීමට වේ. අධ්‍යාපන කටයුතුවල දී තම ස්මරණ ශක්තිය වර්ධනය වේ. සහෝදර සහෝදරියන් සම්බන්ධ කටයුත්තකට මැදිහත් වීමට වේ. තම යහපත් ගති පැවතුම් ඉස්මතු වන දිනයකි. බාහිර අලංකාරය වෙනුවෙන් වැය පාර්ශවය අධික කරයි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08 
කුම්භ
ලාභ අපේක්ෂාවෙන් කරන කටයුතුවලින් බලාපොරොත්තු ඉටු නොවේ. තම කථිකත්වය උපයෝගී කරගෙන දවසේ ජයග්‍රහණ කිහිපයක් අත් කරගනු ඇත. ලියකියවිලි සම්බන්ධ කටයුතු කිහිපයකට මැදිහත්වීමට වේ. කාලත්‍ර පාර්ශ්වයේ අසනීප ගති මතු කරවිය හැකිය. තමා ළඟම සිටි හිතවතුන්ගේ යම් දෝෂාරෝපණ උරුම වන දිනයකි. අක්ෂි ආබාධ මතු කරවිය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
තම අභිමතය පරිදි කටයුතු කරන්නට ගොස් බොහෝ අයගේ දෝෂාරෝපණයට පාත්‍ර විය හැකිය. තම පෞරුෂත්වය පිළිබඳ හැඟීම් ඉස්මතු වන දිනයකි. කල්ගතව තිබූ යම් කාර්යයක් සාර්ථක ලෙස අවසන් කළ හැකිය. කාලත්‍ර පාර්ශවයේ අනතුරු ආදිය පෙන්නුම් කරයි. මුහුණ ආශ්‍රිත ආසාත්මිකතා හෝ හිසේ කැක්කුම් ගති මතු කරයි. අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු වූ ජයග්‍රහණ ලද හැකිය. වැය පාර්ශ්වය අධික වේ. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03






















Sihina Palapala-Sihina Palapala le Dakima-Sihina Palapala Sathun-sihina Palapala Sarpayan-sihina Palapala Sinhala Meaning-Sihina Palapala Sinhala-sihina Palapala 2019-Sihina Palapala Animals-sihina Palapala sinhalen,-Sihina palapala sathun Dakima-sihina palapala Animals 2020-sihina Palapala Gindara-sihina Palapala in sinhala-sihina Palapala kiri-sihina Palapala Mal-sihina Palapala nai Dakima-sihina Palapala Naya-sihina Palapala Pdf-sihina Palapala snake-sihina Palapala 2019 sinhala-sihina Palapala 2019-Ada Dawase Lagna Palapala-Ada dawase Lagna Palapala Hiru tv-Ada Dawase lagna Palapala Sinhala, Ada Dawase Lagna Palapala 2019-Ada dawase lagna Palapala Manjula Peiris-Ada Dawase Lagna Palapala 2022 -Rahu kalaya-Rahu kalaya 2019 Today-Rahu kalaya Today-Rahu kalaya tomorrow 2019-Rahu kalaya 2019-Rahu kalaya today 2019-Rahu kalaya August 2019-Rahu kalaya May 2019-Rahu kalaya today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-ada dawase Rahu kalaya-Rahu kalaya for 2019-Rahu kalaya friday 2019-Rahu kalaya heta-heta Rahu kalaya 2019-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2019-Rahu kalaya july-Rahu kalaya litha 2019-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2019-Rahu kalaya Sinhala-ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2019-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2019-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2019 july-Rahu kalaya 2019 january-Rahu kalaya 2019 july 11-Rahu kalaya 2019 may 3
 

No comments:

Powered by Blogger.