Lagna Palapala Ada Dawase | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2019 | 2019-05-24

Lagna Palapala Ada Dawase  | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2019 | 2019-05-24 

අද දවස ඔබට

2019 මැයි මස 24 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 05.53
ඉර බැසීම  - පස්වරු 18.21
රාහු කාලය
දිවා 10.23 සිට 11.52 දක්වා
රාත්‍රී 22.23 සිට 23.52 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
ගෞරව නම්බු නාම හිමි වන දිනයකි. අන්‍යයන් අතරේ කැපී පෙනෙන ජනප්‍රිය චරිතයක් බවට පත් වේ. කෘෂිකාර්මික කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. කඩිසර ක්‍රියාශ්‍රීලි දිනයකි. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙනු ඇත. උෂ්ණ රෝග ආදිය ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. පවුල් ජීවිතයේ ගනු ලබන තීරණ නිවැරදි තීරණ වනු ඇත. ඉදිරිපත් වීමේ ගුණය පෙන්නුම් කරයි. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
හදිසි අනතුරුවලින් ප්‍රවේසම්වන්න. අධ්‍යාපන කටයුතුවලට උනන්දුව අඩු වේ. ආගමික මතිමතාන්තර පිළිබඳ විශ්වාසයන් බිඳ වැටෙයි. ගේ දොර කටයුතු අඩාල වේ. රෝගාතුර වූවන්ට හදිසි ශල්‍යකර්ම සිදු කිරීමට පුළුවන. ආදර සබඳතාවලට බාධා ඇති වේ. පුණ්‍ය භූමිවල වැඩි කාලයක් ගත කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වැඩි කාලයක් යොදවයි. සුරතල් සතුන් ආදීන්ගෙන් පීඩා ඇති විය හැකිය. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
 සතුරු කරදර ඇතිවිය හැකි නිසා ප්‍රවේසම්වන්න. අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇත. අධ්‍යාපන කටයුතු පිළිබඳ තිබූ උද්යෝගය අඩු වේ. පියා සම්බන්ධව වෙහෙසීම වේ. අසනීප තත්ත්වයන්ට ගොදුරු වීමට ඉඩකඩ බහුලය. විමසිලිමත්ව කටයුතු කරන්න. ආදර සබඳතාවලට යහපත් දිනයක් නොවනු ඇත. මත ගැටුම් ඇතිවිය හැකිය. කාලත්‍ර සබඳතාවල දී ආවේගයන් පාලනය කරගත යුතු දිනයකි උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
විවාහ ජීවිතය සම්බන්ධ අවුල් සහගත තත්ත්වයන් පෙන්නුම් කරයි. ආදර සබඳතා බිඳ වැටෙයි. ගනුදෙනුවලින් පාඩු වේ. වාද විවාදවලට පැටලීමට පුළුවන. කල්පනාකාරීව වචන හසුරුවන්න. මවගේ දේපළ සම්බන්ධව ගැටලු පැන නගියි. හවුල් කටයුතුවලින් පාඩු වේ. අර්ශස් අමාරු ඇතිවිය හැකිය. විරුද්ධ ලිංගික සබඳතාවලට යොමු වීමේ ඉඩකඩ වැඩිය. සතුරු කරදර ඇති වේ. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
තරග විභාගවලින් ජය අත් වේ. මූල්‍ය ආයතනයකින් අපේක්ෂාවෙන් සිටි ණය මුදලක් ලැබීමට හේතු වේ. රැකියාවේ උසස් වීම් හිමි වේ. දරුවන් මුදල් තත්ත්වය යහපත් වේ. සහෝදරයන් සමඟ ඇතිවන මත භේදවලට එඩිතරව මුහුණ දීමේ හැකියාව ලැබෙයි. පැවති අසනීප තත්ත්වයන් සුව අතට හැරේ. පිය පාර්ශවයෙන් යහපත් ආරංචි අසන්නට ලැබෙයි. ආගමික කටයුතුවලට යොමුවන දිනයකි. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
දරුවන්ට තරමක් අපලදායක වේ. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදු වේ. ආදර සබඳතාවල ප්‍රශ්න ඇති වීමට හැකි බැවින් සිහි නුවණින් තීරණ ගත යුතුය. චරිතයට කැළැල් වීමට කරුණු කාරණා යෙදිය හැකිය. මවගේ ධනය නිකරුණේ වැය වේ. උදරය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකිය. මිත්‍රයන් සම්බන්ධ මත ගැටුම් ඇතිවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට යහපත් දිනයක් නොවේ. ගැටුම් ඇති කරයි මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
ඉඩකඩම් පිළිබඳ ආරවුල් ඇති වේ. සිතේ සැනසීම අඩු වන දිනයකි. කෘෂිකර්ම කටයුතුවල යෙදෙන්නන්ට පාඩු වේ. පවුල් ජීවිතයේ ගනු ලබන සමහර තීරණ පිළිබඳව දෙවරක් සිතිය යුතුය. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. ශෝකය දනවන පුවත් අසන්නට ලැබෙනු ඇත. විදේශගතව සිටින අයගෙන් උදව් උපකාර ලැබීමට හේතුවන දිනයකි. දණහිස් ආබාධ ආදිය මතුකර විය හැකිය. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
සහෝදර සබඳතා වැඩි දියුණු වේ. ක්‍රියාශීලීව කටයුතු කරන දිනයකි. ලිපි ලේඛන ප්‍රවෘත්ති සම්බන්ධ ක්ෂේත්‍රවල නියුතු අයට යහපත් ප්‍රතිඵල ලැබේ. ශිල්පීය ඥානය වැඩි දියුණු වේ. ඉගෙනීමේ කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි. සහෝදරයන් සම්බන්ධ සුභ ආරංචි අසන්නට ලැබෙයි. විදේශ ගමන් බලාපොරොත්තුව සිටි අයට යහපත් දිනයකි. යුගදිවි සබඳතා වර්ධනය වේ. අසනීප ආදියෙන් සුවය ලැබෙයි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
අතමිට සරු වේ. දේපල ලැබීම් සහිතයි. ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාව ඇති බැවින් කැපී පෙනෙන චරිතයක් බවට පත්වේ. රැකියාවේ උසස්වීම් ලැබෙයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ අත් වේ. ආගමික විශ්වාසයන් ගොඩ නැගෙන අතර ඒ සම්බන්ධ කටයුතුවලට මැදිහත් වන දිනයකි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතුයි. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
වාසනාවන්ත දිනයකි. බලාපොරොත්තු ඉටු වේ. එඩිතරව නිර්භීතව ගැටලුවලට මුහුණ දීමේ හැකියාව පවති. ශරීර සෞඛ්‍යය යහපත්ය. අනවශ්‍ය දෙයට වියදම් කරන බැවින් වියදම් බහුල දිනයකි. අන් අය අතර කීර්තියට ගෞරවයට නිතැතින්ම පාත්‍ර වේ. රෙදිපිළි, රන් ආශ්‍රිත ව්‍යාපාරිකයන්ට වාසි ලාභ හිමි වේ. මවුපියන් සම්බන්ධ ශුභදායක ආරංචි ලැබෙයි. කාලත්‍ර සබඳතා වර්ධනය වන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08 
කුම්භ
වියදම් පක්ෂය ඉහළ යා හැකිය. සතුරු කරදර බහුල දිනයකි. පරීක්ෂාකාරීව වැඩ කටයුතු කළ යුතුය. නීතිමය ගැටලුවලට මුහුණ දීමට වේ. ස්ථාන මාරුවීම් සිදුවිය හැකිය. ආගමික වතාවත්වලට සිත යොමු කරන්න. දණහිස් හා යටිපතුල් සම්බන්ධ ආබාධ ඇතිවිය හැකිය. අධ්‍යාපන කටයුතුවලට එතරම් සුබ දිනයක් නොවේ. විදේශ ගතවීම් බලාපොරොත්තු වන අයට බාධා ඇති කරයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ආදර සබඳතා ගොඩනැගේ. විවාහ ජීවිතය සාර්ථක වේ. පොදු සේවාවලට සිත් යොමු වේ. රෝගාතුර තත්ත්වයන්ගෙන් මිදී ශරීර සෞඛ්‍යය යහපත් තත්ත්වයට පත්වේ. පිය පරපුරට අයත් දේපළ ලාභ හිමි වේ. ස්වර්ණාභරණ ව්‍යාපාරකරුවන්ට සුබයි. නහර සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. අධ්‍යාපන කටයුතුවල උද්යෝගයක් ඇති වේ. සුරතල් සතුන් ආදීන්ගෙන් ඇතිවෙන ලෙඩ රෝග ආදිය පිළිබඳ කල්පනාකාරී වන්න. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03

























Sihina Palapala-Sihina Palapala le Dakima-Sihina Palapala Sathun-sihina Palapala Sarpayan-sihina Palapala Sinhala Meaning-Sihina Palapala Sinhala-sihina Palapala 2019-Sihina Palapala Animals-sihina Palapala sinhalen,-Sihina palapala sathun Dakima-sihina palapala Animals 2020-sihina Palapala Gindara-sihina Palapala in sinhala-sihina Palapala kiri-sihina Palapala Mal-sihina Palapala nai Dakima-sihina Palapala Naya-sihina Palapala Pdf-sihina Palapala snake-sihina Palapala 2019 sinhala-sihina Palapala 2019-Ada Dawase Lagna Palapala-Ada dawase Lagna Palapala Hiru tv-Ada Dawase lagna Palapala Sinhala, Ada Dawase Lagna Palapala 2019-Ada dawase lagna Palapala Manjula Peiris-Ada Dawase Lagna Palapala 2022 -Rahu kalaya-Rahu kalaya 2019 Today-Rahu kalaya Today-Rahu kalaya tomorrow 2019-Rahu kalaya 2019-Rahu kalaya today 2019-Rahu kalaya August 2019-Rahu kalaya May 2019-Rahu kalaya today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-ada dawase Rahu kalaya-Rahu kalaya for 2019-Rahu kalaya friday 2019-Rahu kalaya heta-heta Rahu kalaya 2019-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2019-Rahu kalaya july-Rahu kalaya litha 2019-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2019-Rahu kalaya Sinhala-ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2019-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2019-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2019 july-Rahu kalaya 2019 january-Rahu kalaya 2019 july 11-Rahu kalaya 2019 may 3


No comments:

Powered by Blogger.