Lagna Palapala Ada Dawase | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-03-13

Lagna Palapala Ada Dawase | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-03-13 

අද දවස ඔබට

2020 මාර්තු මස 13 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.18
ඉර බැසීම  - පස්වරු 18.22
රාහු කාලය
දිවා 10.48 සිට 12.17 දක්වා
රාත්‍රී  22.48 සිට 00.17 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
ගෘහ ජීවිතයේ සතුට හා සාමය වැඩි දියුණු වන දිනයකි. රැකියා කටයුතුවල යෙදෙන්නන්ට වෙනදාට වඩා වෙහෙස වී වැඩ කිරීමෙන් ජයග්‍රහණ ලබා ගත හැකිය. ඉඩකඩම් යාන වාහන මිලට ගැනීමට සුදුසු දිනයකි. ආධ්‍යාත්මික කටයුතුවල වැඩි කාලයක් නිරත වනු ඇත. තමාගේ කටයුතු සමාජයට එළිදැක්වීමට ඉඩකඩ ලැබෙයි. අධ්‍යාපන ආයතනවල දී දූ දරුවන්ට බාධා කරදර ඉස්මතු විය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
ආත්ම විශ්වාසයෙන් හා දැඩි කැපවීමෙන් කටයුතු කරන දිනයකි. අහංකාර ගති මතු වේ. ධන හානි ඇතිවිය හැකිය. මානසික ආතතිය වැඩි වේ. ප්‍රේම සබඳතාවලට සුබ දිනයක් නොවේ. වාත ආබාධ, හන්දිපත් වේදනා වැනි රෝගාබාධයන්ට ලක් වීමට ඉඩ කඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. පිය පාර්ශ්වයේ ඥාතීන්ට අසුභකාරී  තත්ත්වයක් පෙන්නුම් කරයි. කෘෂිකර්මය ආශ්‍රිත කර්මාන්තවල ගැටලු ඇති කරයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
සිතේ නොසන්සුන්තාව වැඩිවන දිනයකි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. පවුල් ජීවිතයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින්නන්ට ඉතාම සුබ දායකයි. ප්‍රේම සබඳතාවලට බාධාකාරී තත්ත්වයන් ඉවත්ව යයි. ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නන්ට සුභ දිනයකි. ගිවිසුම් ආදිය අත්සන් කිරීමේ දී කල්පනාකාරී වන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
නිවාස ඉඩකඩම් දේපළ ගැනීමට සුදුසු දිනයකි. මවගෙන් දේපළ උරුම ආදිය ලැබීමට හේතු වේ. තැන්පත් ධනය වර්ධනය වේ. ගෘහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. ගිලනුන්ට උපස්ථාන කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. කාන්තාවන්ගේ යටිබඩ හා ගර්භාෂය ආශ්‍රිත ප්‍රදේශවල ආබාධ තත්ත්වයන් මතුවීමට ඉඩකඩ ඇත. කෙටි ගමන් බිමන් අධික දිනයකි. අධ්‍යාපනයට වැඩි නැඹුරුතාවක් දක්වයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
රාජ්‍ය‍ අංශයේ සේවයේ නියුක්ත වූවන්ට ශුභපලදායකය. ධන ලාභ ලැබීමට හේතුයි. ප්‍රේම සබඳතාවලට සුදුසු දිනයක් නොවේ. ආගමට දහමට නැඹුරුව කටයුතු කරන දිනයකි. ලිපි ගනුදෙනුවලින් ලාභ ප්‍රයෝජන ඇති විය හැකිය. සහෝදරයන්ගෙන් ලාභ ප්‍රයෝජන ඇති කරයි. සතුන්ගෙන් හානි සිදුවීමට ඉඩකඩ පවතී. සතුරු කරදර ඇතිවන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමෙන් සහනයක් ලද හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා  
බුද්ධිමත්ව සිතා බලා තීරණ ගන්නා දිනයකි. ඉඩකඩම්, යාන වාහන මිල දී  ගැනීමට සුදුසු දිනයකි. විදේශ රටවල රැකියාවල යන්නන්ට අපේක්ෂා ඉටුකර ගැනීමට හැකි වේ. පියාගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. අද දිනයේ ඔබට ධන ලාභ පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට ජයග්‍රහණ ලැබෙන දිනයකි. කතාවෙන් අන්‍යයන් මැඩ පවත්වා ජයග්‍රහණ ලබා ගන්නා දිනයකි. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
ආත්ම විශ්වාසයෙන් සහ සිතේ සැහැල්ලුවෙන් දවසේ කටයුතු ආරම්භ කරයි. අක්ෂි ආබාධ මතුවිය හැකිය. ඉඩකඩම් ගේදොර යාන වාහනවලින් ලාබ ලැබීම් අතින් යහපත්ය. අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුබදායකය. සාහිත්‍යමය කටයුතුවල යෙදෙන්නන්ට කීර්තිය හා ප්‍රසිද්ධිය ලැබේ. ආගමට දහමට ළැදිව කටයුතු කරයි. මානසික සහනය වැඩිදියුණු කරන දිනයකි. රසවත් ආහාර භුක්ති විඳීමට ලැබෙන දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
ණය ගනුදෙනුවලින් නිදහස් විය හැකි දිනයකි. කලක් තිස්සේ පැවැති රෝගාබාධවලින් සහනයක් ලැබේ. සතුරන් මර්දනය කරගෙන තම අරමුණ ඉෂ්ට කරගත හැකි දිනයකි. ගංගා, ඇළ දොළවල දිය නෑමට යෑමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු අයට සුබදායකය. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
ආදායම් මාර්ග වැඩි දියුණු වේ. තැන්පත් ධනය වර්ධනය වේ. වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරන දිනයකි. කාන්තාවන්ගේ යටි බඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් මතුවිය හැකිය. පවුල් ජීවිතය සාමකාමී අයුරින් ගෙවෙයි. ප්‍රේම සබඳතාවලට සුභ දිනයකි. සතුරු කරදර මතුවිය හැකිය. ගේ දොර කටයුතුවලට වැඩි කාලයක් යොමු කරනු ඇත. නිවසේ අලුත්වැඩියා ආදියට ද යොමු වන දිනයක් වේ. අසල්වාසීන්ගෙන් ආධාර උපකාර ලැබිය හැකිය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
රැකියා ස්ථානයේ කටයුතුවලදී කාගේත් සහයෝගය ලැබෙන දිනයකි. නීතිමය කටයුත්තකට මැදිහත් වනු ඇත. අන්‍යයන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපනය හා ක්‍රීඩා කටයුතුවලට ඉදිරිපත් වන අයට ජයග්‍රහණ හිමිවේ. පවුල් ජීවිතය තුළ සුළු මත ගැටුම් මතු විය හැකිය. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබෙයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. 
කුම්භ
ආදායම් මාර්ග වැඩි දියුණු වේ. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට සුභ දිනයකි. පදිංචි ස්ථානයේ වෙනස් වීමකට ඉඩ ඇත. රැකියාවේ කටයුතුවලට ඇති උනන්දුව වැඩි දියුණු වේ. ඥාතීන් සමඟ අමනාපකම් සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුබදායකය. ප්‍රේම සබඳතා වර්ධනය වන දිනයකි. තෙල් සහිත ආහාර අද දිනයේ ඔබට පීඩා ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
මවගෙන් උදව් උපකාර ලැබෙයි. ගේ දොර ඉඩකඩම් යාන වාහන මිල දී ගැනීමට සුබදායකය. කලක් පැවතුණු රෝගාබාධයක් සුව වන තත්ත්වයක් පෙන්නුම් කරයි. කාර්මික අංශයේ රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. කෙටි ගමන් බිමන් අධික විය හැකිය. පවුල් ජීවිතය සාමකාමී අයුරින් ගෙවයි. ආගමික කටයුතුවල භක්තිමත්ව යෙදේ. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් බලාපොරොත්තු වූ ජයග්‍රහණ ලැබෙනු ඇත. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.



















































Sihina Palapala-Sihina Palapala le Dakima-Sihina Palapala Sathun-sihina Palapala Sarpayan-sihina Palapala Sinhala Meaning-Sihina Palapala Sinhala-sihina Palapala 2020-Sihina Palapala Animals-sihina Palapala sinhalen,-Sihina palapala sathun Dakima-sihina palapala Animals 2020-sihina Palapala Gindara-sihina Palapala in sinhala-sihina Palapala kiri-sihina Palapala Mal-sihina Palapala nai Dakima-sihina Palapala Naya-sihina Palapala Pdf-sihina Palapala snake-sihina Palapala 2020 sinhala-sihina Palapala 2020-Ada Dawase Lagna Palapala-Ada dawase Lagna Palapala Hiru tv-Ada Dawase lagna Palapala Sinhala, Ada Dawase Lagna Palapala 2020-Ada dawase lagna Palapala Manjula Peiris-Ada Dawase Lagna Palapala 2022 -Rahu kalaya-Rahu kalaya 2020Today-Rahu kalaya Today-Rahu kalaya tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-ada dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2020-Rahu kalaya heta-heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 may 3


No comments:

Powered by Blogger.