Lagna Palapala Ada Dawase | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-04-13

Lagna Palapala Ada Dawase | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-04-13 

අද දවස ඔබට

2020 අප්‍රේල් මස 13 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 06.03
ඉර බැසීම - පස්වරු 18.19
රාහු කාලය
දිවා 07.33 සිට 09.02 දක්වා
රාත්‍රී 19.33 සිට 21.02 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
නිකරුණේ තම ධනය වැය වීමට කරුණු යෙදේ. ව්‍යාපාරික කටයුතුවල දී අලාභය වැඩි දිනයකි. සහෝදරයකු  සම්බන්ධයෙන් තිබූ ගැටලුවක් කලකට පසු නිමා වෙයි. නිවසේ කටයුතුවල දී ආවේගශීලී වීම පාලනය කරගන්න. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට ඉතා සුබදායකය. ශරීර සෞඛ්‍ය යහපත් කරයි. කරගෙන ආ වැඩකටයුතු සාර්ථකව අවසන් කළ හැකිය. සිතිවිලිවල යම් චංචල භාවයක් ඇති කරයි. කල්පනාකාරීව තීරණ ගන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ව්‍යාපාර කටයුතු සඳහා මුදල් ආයෝජනයෙන් පාඩු විය හැකිය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසුබ දිනයකි. ඖෂධ භාවිතයේ දී කල්පනාකාරී වන්න. ආසාත්මිකතාවලට හේතු වේ. ප්‍රතිශක්තිකරණය අඩු දිනයකි. බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. මිත්‍රයන් සමඟ විනෝද ගමන් ආදිය යෑමෙන් වළකින්න. සුරාවට සූදුවට හිත ඇදී යන දිනයකි. තරගකාරී කටයුතුවලට අද සුබ දිනයක් නොවේ. ජයග්‍රහණ ඈතට යයි. පෙම් සබඳතාවලට බාධා ඇති වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
ප්‍රසිද්ධියට හේතුවන කරුණු සඳහා අද දිනය සුබයි. ප්‍රේම සබඳතාවලට වැඩිහිටි ආශීර්වාදය ලැබෙයි. සියුම් කටයුතු නිසා වැඩි ආදායම් ලැබිය හැකිය. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ ගැටලුකාරී තත්ත්වයන් මතු වේ. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ලක් වීමට හේතු වේ. රැකියා උසස්වීම්වලට හේතු වේ. යන එන හැම තැනකදීම ඔබට ප්‍රධානත්වය හිමි වේ. තමාට වඩා බලයෙන් යුතු අයගේ උදවු උපකාර ලැබේ. ආදායම් මාර්ග සරු වීමට දිනයකි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
දරුවකු පිළිබඳ කලක් සිතේ තිබූ උසස් අධ්‍යාපන කටයුත්තකට මාර්ගය විවර වේ. සතුරු කරදර ආදිය ඉවත්ව යන දිනයකි. යුගදිවි සබඳතා සාමකාමීය. බාධක මැද ආදායම් මාර්ගයන් ද යහපත් කර ගැනීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවල දී දරුවන්ගේ මතක ශක්තිය අමතක කරවා හිසේ අමාරු ගති මතුවිය හැකිය. ලියකියවිලි හා ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි. ඉඩම් හා පදිංචිය පිළිබඳ තිබූ ආරවුල් කිහිපයක් නිරවුල් වේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
වේගවත් තීරණ බොහෝ දේ ඔබට අහිමි කළ හැකිය. වැය පාර්ශවය අධික වන බැවින් කල්පනාකාරී වන්න. කාලත්‍රයාට හොර රහසේ ඔබ අතින් යම් කාර්යයක් වීමට ඉඩ ඇත. ගමෙන් පිට වාසය කරන ඥාතියකු හදිසියේ මුණ ගැසේ. නිරර්ථක ගමන් බිමන් කිහිපයක් යෙදේ. තමා අරමුණු කළ වැඩ කටයුතු නියමිත පරිදි නිමා කිරීමට නොහැකි වේ. ගෘහ ජීවිතයේ ඉදිරි කටයුතු සැලසුම් සහගතව කිරීමට උනන්දු වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
සිතේ සැනසීම වැඩිවන දිනයකි. යුග ජීවිතයේ මතභේදකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුභ දිනයක් නොවේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. අර්ශස් රෝග තදබල උෂ්ණාධික රෝග තත්ත්වයන් නිසා අද දිනයේ ඔබට පීඩා විය හැකිය. ධනය ලැබීමට වඩාත් සුදුසු දිනයකි. වැය පාර්ශ්වය ද ඉහළ යයි. එබැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. දරුවන්ගේ කටයුතුවලින් වැඩි කාලයක් කැප කිරීමට වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
නිර්ලෝභී ලෙස අන් අයට උදවු උපකාර කිරීමට පෙළඹෙන දිනයකි. ගෘහ ජීවිතය සතුටුදායකය. අවිවාහක අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වේ. රැකියා විරහිතව සිටින අයට රැකියා අපේක්ෂා ඉටු වේ. දණහිස් ආබාධ ඇති කරයි. ධනය ලැබීමට යහපත්ය. ආදායම් මාර්ග කිහිපයක්ම යෙදේ. මවුපියන්ගෙන් හා නෑදෑ හිතවතුන්ගෙන් ආධාර උපකාර ලැබෙන දිනයකි. ප්‍රීතියෙන් කල් ගෙවීමට හැකි වේ. ගිය ගිය තැන ඔබට ප්‍රධානත්වය හිමි වේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
පදිංචි ස්ථානයේ අවට යම් යම් අසුබ දේ ඔබ වෙනුවෙන් ඇති කරයි. තමාට උරුමව තිබූ දේපළක් පිළිබඳ ගැටලු මතු වීමට ඉඩ ඇත. මිතුරු සබඳතා නිසා ගැටලු තත්ත්වයන් උද්ගත වේ. නිවසේ කටයුත්තක් සඳහා කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදේ. නිවසේ බඩුබාහිරාදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු දිනයකි. වැය පාර්ශවය වැඩිවන දිනයකි. සිත් පීඩා ආදිය ඇති කර මානසික නොසන්සුන් භාවය වැඩි කරයි. භාවනාව ආදී දේ ප්‍රගුණ කිරීමට සුබ දිනයකි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
ආගමික කටයුතු සඳහා ගමන් බිමන් කිහිපයක් යෙදේ. ගුප්ත ශාස්ත්‍ර වැනි ගැඹුරු දේ අධ්‍යයනය සඳහා කාලය යොමු කරයි. වංචා ප්‍රයෝගවලට හසුවීමට ඉඩකඩ ඇත. කල්පනාකාරීවන්න. පිය පාර්ශවයේ ඥාතියකුට අසුබයි. රැකියා ස්ථානයේ මිතුරකුගේ උත්සවයකට ඇරැයුම් ලැබේ. දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. අධ්‍යාපන කටයුතු සඳහා වෙනදාට වඩා වැඩි උත්සාහයක් දැරිය යුතුය. ආදායම් මාර්ගවල වැඩි ප්‍රවණතා ඇති කරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
හවුල් ව්‍යාපාර කටයුතුවල දී හොඳින් සිතා බලා තීරණ ගන්න. ගෘහ ජීවිතය සාමකාමීය. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන දිනයකි. නිර්මාණකරණයේ දී යහපත් සිතිවිලි ඇති කරයි. දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. මනා හික්මීමෙන් කටයුතු කරන දිනයකි. ආදායම් මාර්ග වැඩි දියුණු වී නව රැකියා අවස්ථා උදා වේ. අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත්ය. මුත්‍රාබාධ හා උෂ්ණාධික රෝග හට ගැනීමේ ඉඩකඩ ඇත. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08 
කුම්භ
මෙතෙක් කරගෙන ආ කටයුතුවල සාර්ථක නිමාවක් දැකීමට ඉඩකඩ ලැබේ. දරුඵල බලාපොරොත්තුව සිටින අයට සුබදායක ආරංචි ලැබේ. නැති වූ දෙයක් පිළිබඳ ආරංචියක් ලැබේ. ඔබට තිබු සතුරු කරදර ඉවත් වන දිනයකි. උරහිස් ආබාධවලට හේතු වේ. ආර්ථික තත්ත්වය දියුණු කර ගැනීමට සුබ දිනයකි. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු සඵල වේ. අද දිනය ජය පරාජය පිළිබඳ කටයුතු සමව යෙදෙන දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
සිතට සැනසීම ළඟා කරවන සුභ ආරංචියක් දරුවන් පිළිබඳ ලැබේ. ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් කැප කරයි. පෙනහැල්ල, උගුර ආශ්‍රිත රෝග තත්ත්වයන් ඉස්මතු විය හැකිය. ලිපි කටයුතු හා ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවන දිනයකි. අනුන්ට උපකාර කිරීමට වෙහෙස වන දිනයකි. මවු පාර්ශවයේ ඥාතීන් පිළිබඳ අසුබදායක ආරංචියක් ලැබේ. ගෙදර දොර වැඩ කටයුතු වෙනදාට වඩා කැපවීමෙන් කරයි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03




















































Sihina Palapala-Sihina Palapala le Dakima-Sihina Palapala Sathun-sihina Palapala Sarpayan-sihina Palapala Sinhala Meaning-Sihina Palapala Sinhala-sihina Palapala 2020-Sihina Palapala Animals-sihina Palapala sinhalen,-Sihina palapala sathun Dakima-sihina palapala Animals 2020-sihina Palapala Gindara-sihina Palapala in sinhala-sihina Palapala kiri-sihina Palapala Mal-sihina Palapala nai Dakima-sihina Palapala Naya-sihina Palapala Pdf-sihina Palapala snake-sihina Palapala 2020 sinhala-sihina Palapala 2020-Ada Dawase Lagna Palapala-Ada dawase Lagna Palapala Hiru tv-Ada Dawase lagna Palapala Sinhala, Ada Dawase Lagna Palapala 2020-Ada dawase lagna Palapala Manjula Peiris-Ada Dawase Lagna Palapala 2022 -Rahu kalaya-Rahu kalaya 2020Today-Rahu kalaya Today-Rahu kalaya tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-ada dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2020-Rahu kalaya heta-heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 may 3
 

No comments:

Powered by Blogger.