Lagna Palapala Ada Dawase | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-07-23

Lagna Palapala Ada Dawase  | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-07-23 

අද දවස ඔබට

2020 ජුලි මස 23 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.04
ඉර බැසීම  - පස්වරු 18.30
රාහු කාලය
දිවා 13.34 සිට 14.53 දක්වා
රාත්‍රී 01.34 සිට 02.53 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
පවුලේ අය සමඟ හා අසල්වාසීන් සමඟ හොඳ හිත දිනා ගනිමින් සුහදව කටයුතු කරයි. රැකියාවේ උසස් වීමක් පෙන්නුම් කරයි. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් ඔබගේ මුදල් වියදම් කිරීමට සිදු වේ. තරමක් වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ යුතු දිනයකි. ප්‍රේම සබඳතා සඳහා මවුපියන්ගේ විරෝධතා එල්ල විය හැකිය. ක්‍රීඩා කටයුතුවල නිරත වන්නන්ට අද දිනය තුළ ජයග්‍රහණ ගෙන දෙයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
වෘෂභ
විනෝද ගමනක් හෝ ප්‍රිය සම්භාෂණයකට සහභාගී වීමට අවස්ථාව සැලසේ. සහෝදර සහෝදරියන් සමඟ සුහදත්වයකින් යුතුව දවස ගෙවයි. ආගමික කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවකින් ක්‍රියා කරයි. බුද්ධිය මෙහෙයවා කරන වැඩ කටයුතුවලින් උසස් ප්‍රතිඵල නෙළා ගත හැකි දිනයකි. පියපස ඥාතීන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමේ දී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. ලියකියවිලි සම්බන්ධයෙන් කරන කටයුතුවල දී කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ගලා යන ජලයට බුලත් දමන්න.
මිථුන
රැකියා කරන ස්ථානයේ සමඟියෙන් කටයුතු කරයි. විවාහ බලාපොරොත්තු සඵල කර ගන්නා දිනයක් වේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවකින් යුතුව ක්‍රියා කරන දිනයකි. ආදායම් තත්ත්වය යහපත් වේ. දේපළ ගනුදෙනුවක් තුළින් ඔබට නොසිතූ ලෙස වාසි ගෙන දෙයි. සහෝදරයකු පිළිබඳ අසුබ ආරංචියක් ඇසීමට ඉඩ ලැබෙන දිනයකි. මවුපිය උරුමයෙන් දේපළ ආදිය ලැබෙන දිනයකි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
කටක
ආගමික කටයුතුවල මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ඇත. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි දිනයකි. අද දිනය ඔබට අධ්‍යාපන කටයුතුවලින්  තරග විභාග ආදියෙන් ඔබට ජය හිමිවනු ඇත. ප්‍රේම සබඳතා ස්ථිරවන දිනයකි. සමාජයේ කැපී පෙනෙන පුද්ගලයකු බවට පත් වේ. පියපස ඥාතීන්ගෙන් විශේෂ උපකාර ආදිය බලාපොරොත්තු විය හැකිය. අසල්වාසීන් සමඟ සුහදතාව වර්ධනය කර ගනියි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
සිංහ
විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. ප්‍රේම සබඳතාවලට බාධාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. කෙටි ගමන් බිමන් යෙදෙන දිනයකි. මෙතෙක් පැවති බාධාකාරී තත්ත්වයන් මඟ හැරී රැකියාවේ වර්ධනයක් වනු ඇත. ඉගෙනීමේ කටයුතුවල නිරත දූ දරුවන්ට යහපත් දිනයක් වනු ඇත. මුත්‍රා ආසාදන පාදවල ආබාධ තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
කන්‍යා
රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටී නම් ඔබගේ එම බලාපොරොත්තුව සුන් වී යයි. අද දිනයේ හිත් අමනාපකම් ඇති වීමේ ඉඩකඩ ඇති බැවින් වචන භාවිතයේ දී කල්පනාකාරීකාරී වන්න. හවුල් ව්‍යාපාරවල දී පාඩු විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. කාලත්‍ර පාර්ශවයට අසුබතා ළඟා කරවිය හැකිය. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී තත්ත්වයන් මතු කරවයි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට සුබ නැත. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.
තුලා
මිතුරන් සමඟ කටයුතු කිරීමේ දී හිත් අමනාපකම්වලට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ගමන් බිමන් අධික වන අද දිනය තුළ වැය පක්ෂය ඉහළ යා හැකිය. ප්‍රේම සබඳතාවලට බාධා ඇති වේ. උදරාබාධ ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. කල්පසු වූ ණය මුදලක් ලැබීමට පුළුවන. කෘමි සතුන් ආදීන්ගෙන් බෝවන රෝග නිසා ඔබට පීඩා ඇති වීමට ඉඩකඩ පවතී. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. 
වෘශ්චික
ගමන් බිමන් යෑමේ දී ඔබ වඩාත් කල්පනාකාරීව හා ආරක්ෂාකාරී වන්න. සහෝදර සහෝදරියන්ගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි. වැය පස අධික කරවන හේතු ගෙන දෙන  දිනයකි. හදිසි අනතුරු ඇති වීමේ අවදානමක් ඇති නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. වෙළඳ කටයුතු තුළින් පාඩු විය හැකි බැවින් කල්පනාකාරී වන්න. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග අවදානමක් පවතී. දරුවන්ගේ මතක ශක්තිය ඇති කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   කළු තල පරිත්‍යාග කරන්න.   
ධනු
ලැබීම් අතින් අද දිනය යහපත් වනු ඇත. හවුලේ කරන කටයුතු මෙන්ම රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමඟ සුහදව කටයුතු කරයි. ඔබගේ චරිතය පිළිබඳ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සමාජගත විය හැකි බැවින් තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. ගේදොර කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. ඥාතීන්ගේ උදවු උපකාර ලැබෙන දිනයකි. සෙම් රෝග ආදියෙන් අද දිනයේ ඔබට පීඩා ඇති විය හැකිය. ණය ගනුදෙනුවලින් වළකින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. 
මකර
ලැබීම් අතින් යහපත් දිනයකි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට අද දිනය සුදුසුවනු ඇත. අලුතින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කටයුතු ආරම්භ කිරීමට අද දිනය සුභ දිනයකි. පවුල් ජීවිතය තුළ වචන භාවිතයේ දී හිත් අමනාපකම් ඇති වීමට හැකි බැවින් තරමක් ප්‍රවේශම් වන්න. දේපොළ උරුමයන් ලැබීම් අතින් යහපත් දිනයක් නොවනු ඇත. උදරාබාධ ආදි‍යේ අවදානමක් පවතී. තෙල් සහිත ආහාරවවලින් වළකින්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
කුම්භ
විදේශ ගමන් බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. අද දිනය තුළ ඔබට ඇති සතුරු කරදර ඈතට යනු ඇත. තරග විභාග හා ක්‍රීඩා ආදියෙන් නොසිතූ ජයග්‍රහණ ලැබේ. මිතුරන්ගෙන් උදවු උපකාර ලැබේ. ආදායම් මාර්ගවල යම් යම් බාධා මතුවිය හැකිය. අද දිනයේ ඔබ ආත්ම අභිමානයෙන් යුක්තව කටයුතු කරයි. හිසේ අමාරුගති ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. සුවබර නින්දකට බාධා ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.  
මීන
ඉඩකඩම්, යාන වාහන විකිණීමෙන් ඔබට අද නොසිතූ ලාභ ලැබෙනු ඇත. තම අභිමතය පරිදි අද දිනයේ වැඩ කටයුතු කරගෙන යෑමට අවකාශය සැලසේ. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජය හිමිවන දිනයකි. විවාහ ජීවිතය සතුටින් හා සාමකාමීව ගත කළ හැකි දිනයකි. අද දිනයේ ඔබගේ මිතුරෙකුගේ උත්සවයකට සහභාගි වීමට අවස්ථාව සැලසේ.  ඔබට රස විඳීමට හැකි වනු ඇත. හෘදයාබාධ අවදානමක් පවතී. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.











































































Sihina Palapala-Sihina Palapala le Dakima-Sihina Palapala Sathun-sihina Palapala Sarpayan-sihina Palapala Sinhala Meaning-Sihina Palapala Sinhala-sihina Palapala 2020-Sihina Palapala Animals-sihina Palapala sinhalen,-Sihina palapala sathun Dakima-sihina palapala Animals 2020-sihina Palapala Gindara-sihina Palapala in sinhala-sihina Palapala kiri-sihina Palapala Mal-sihina Palapala nai Dakima-sihina Palapala Naya-sihina Palapala Pdf-sihina Palapala snake-sihina Palapala 2020 sinhala-sihina Palapala 2020-Ada Dawase Lagna Palapala-Ada dawase Lagna Palapala Hiru tv-Ada Dawase lagna Palapala Sinhala, Ada Dawase Lagna Palapala 2020-Ada dawase lagna Palapala Manjula Peiris-Ada Dawase Lagna Palapala 2022 -Rahu kalaya-Rahu kalaya 2020Today-Rahu kalaya Today-Rahu kalaya tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-ada dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2020-Rahu kalaya heta-heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 may 3
 

No comments:

Powered by Blogger.