Lagna Palapala Ada Dawase | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-09-07

Lagna Palapala Ada Dawase  | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-09-07

අද දවස ඔබට

2020 සැප්තැම්බර් මස 07 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 06.02
ඉර බැසීම - පස්වරු 18.13
රාහු කාලය
දිවා 07.32 සිට 09.01 දක්වා
රාත්‍රී 19.32 සිට 21.01 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
ආගම දහමට නැඹුරුවීම අද දිනයේ ඔබගේ කටයුතුවලට විශාල සහනයක් වනු ඇත. ගමන් කිහිපයක් යෙදීම නිසා දිනය වෙහෙසකාරී බවට පත් වේ. අසනීප රෝග ආබාධ ආදියට තැන්පත් ධනය වැය කිරීමක් පෙන්වයි. සමාජයෙන් බොරු චෝදනා ලැබිය හැකි නිසා ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. සම්මුඛ පරීක්ෂණ ආදියට ඉදිරිපත් වන අයට ජයග්‍රහණ ලැබිය හැකිය. උදරාබාධ හෝ ආමාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
තනතුරු නම්බුනාම අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වේ. ඉඩකඩම් දේපළ මිල දී ගැනීමට හා ඒ සම්බන්ධ ව්‍යාපාරවලට සුබදායක දිනයකි. කලා කුසලතාවන් වර්ධනය කරගත හැකිය. තරග විභාග ආදියෙන් ජයග්‍රහණ අත්පත් කරගත හැකිය. තමා කරන කටයුතුවලට කාලත්‍ර පාර්ශවයේ වැඩි සහයෝගයක් අපේක්ෂා කළ හැකිය. ප්‍රේම සබඳතා සඳහා වැඩිහිටි පාර්ශ්වයේ ආශිර්වාදය ලබාගත හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන 
විවාහකයන්ගේ දිවිය ඉතාම සාමකාමීය. රැකියා කරන ස්ථානවල දී ඔබ ප්‍රශංසාවට ලක් වේ. ආගමික කටයුත්තක් වෙනුවෙන් කාලය වැය කරයි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයකි. බෝවන රෝගාදියෙන් ප්‍රවේශම් වන්න. කාලත්‍ර පාර්ශ්වයෙන් එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය සහය ලැබේ. නිවසේ කටයුතුවල දී කලබලකාරී බව නිසා බඩු බාහිර ආදියට හානි විය හැකිය. මුත්‍රාශය ආබාධවලට ලක්විය හැකිය. අස්ථානගතවීම් ගැන කල්පනාකාරී වන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක  
ගමන් බිමන් අධික වේ. ජීවිතයේ ප්‍රීතිය අඩුයි. නිවසේ වැඩකටයුතුවල දී කඩිසර වේ. අවස්ථානුකූලව තම කාර්යයන් බාධාවකින් තොරව ඉටුකර ගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය ලැබේ. විද්‍යාව, සාහිත්‍ය, වෛද්‍ය කටයුතුවලට සුදුසු දිනයකි. රහස් තොරතුරු එළිවෙයි. එමනිසා කතා කිරීමේ දී ප්‍රවේශම් වන්න. සහෝදරාදීන්ගේ සබඳතා අඩු වේ. කථික විවාද වැනි තරගවලින් ජය ලැබේ. මුත්‍රා ආබාධ, දණහිස් ආබාධ ආදිය ඇතිවිය හැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
වැඩිහිටියන්ගෙන් උරුම වස්තු හිමි වේ. බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගනියි. මහජන සම්බන්ධතාවලට සුභ දිනයකි. දේශපාලනයෙයි නිරත වන්නන්ට ඉතාමත් සුභ දිනයකි. සේවකයන්ගේ වැරදි අතටම හසු කර ගනියි. ප්‍රේම සබඳතාවලට බාධක ගෙන දේ. පවුලේ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් දුර ගමනක් යෙදේ. රැකියා ස්ථානවල තම හැකියාව ප්‍රදර්ශනය කරයි. ආගමික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වයි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
යුගදිවි කටයුතු සාර්ථක කරගත හැකිය. පවුලේ කටයුතු සාර්ථක වෙයි. අලුත් ව්‍යාපාර කටයුතු සඳහා සුබ වේ. තමන් කරන කියන කටයුතු සාර්ථක වෙයි. ඉගෙනීමට ඉතා යහපත්ය. තම බුද්ධිය යොදවා කරන කටයුතු සාර්ථකත්වයට පත් කරයි. තරමක් දුරට තම මනස වෙහෙසා නිවැරදි තීන්දු තීරණ ගැනීමට හැකිවෙයි. ඇස්වල දුර්වලතා මතු කළ හැකිය. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත රෝග ඇතිවීමට හැකි බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් විය යුතුය. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
උසස් අධ්‍යාපනය  ලබන අයගේ කටයුතු සාර්ථක වේ. ඉදිරිපත්වීමේ ගතිය අතින් වෙනදාට වඩා ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියා කරන දිනයකි. රැකියාව කරන ස්ථානයේ අසාධාරණයක් වෙනුවෙන් විය හැකිය. මෙතෙක් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වූ සතුරු කරදර ඉවත්ව යයි. ජලය ආශ්‍රිත කටයුතුවලින් ඈත් වී සිටීම සුබදායකය. අක්ෂි රෝගවලින් හා ආසාත්මිකතාවලින් පීඩා විය හැකිය. කිරි ආහාර ආශ්‍රිත ව්‍යාපාරවලට අද දිනය සුබදායක නැත. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
පවුලේ කෙනකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් අද දිනය ඔබට වෙහෙස ඇති කරවයි. රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් වැඩි ලාභ ප්‍රයෝජන අත් කරවයි. ධන හානි තත්ත්වයක් ද පෙන්නුම් කරයි. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ තත්ත්වයන් මතු කරවිය හැකිය. අධ්‍යාපන කටයුතු සඳහා අද දිනය සුබදායක නැත. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
යුග දිවියේ සතුට මඳක් ඈතට යයි. ආරවුල් ගැටුම් ගැන ද අවදානමක් පෙන්වයි. නිදන්ගත රෝග තිබෙන අය ඉතා ප්‍රවේශම් විය යුතුය. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ගමන් බිමන් යෑමේ දී ප්‍රවේශම් විය යුතුය. ආගම දහම කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම තුළින් සියලු ආබාධ ජයගත හැකිය. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ යහපත් ආරංචියක් ලැබේ. තැන්පත් ධනය වැයවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල විශේෂ ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
නිවසේ යම් අලුත්වැඩියා සම්බන්ධ කටයුත්තක් යෙදිය හැකි දිනයකි. බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධ කටයුතු සඳහා අද දිනයේ ඔබගේ වැඩි මැදිහත්වීමක් දැකිය හැකිය. මවුපස වැඩිහිටි ඥාතියකුට අපලකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. හෘද රෝග ආදිය සම්බන්ධ අවදානමක් ඇති නිසා ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුය. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අද දිනය තුළ සාර්ථකව නිම කර ගැනීමට අවස්ථාව සැලසේ. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
තම ගෞරවයට කීර්ති නාමයට හානි කර දේ අද දිනයේ විය හැකිය. ලෞකික ආශාවන් පිළිබඳව කටයුතු කිරීම නිසා අද දිනයේ ගැටළු මතු කරයි. ආගමික භක්තිය ඇති කරවා තම සිතුවිලි අයහපත් දේ සඳහා යොමුවිය හැකිය. දණහිස් ආශ්‍රිත ආබාධකාරී තත්ත්වයන් පෙන්නුම් කරයි. ආහාර පිළිබඳව ද කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
වෙහෙසකර ගමන් බිමන් කිහිපයක් නිසා දවස පීඩාකාරී විය හැකිය. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකිය. පියාගේ සෞඛ්‍ය තත්ත්වයට බාධාකාරී දේ සිදු කරයි. ගැඹුරු දේ පිළිබඳ ශාස්ත්‍රීය කටයුතුවල යෙදෙන පිරිසට අද දිනය සුබදායක නැත. ව්‍යාපාරික කොටස්කරුගේ අසුබදායක කරුණු කිහිපයක් පිළිබඳව ඔබගේ සවනට වැටෙනු ඇත. වැඩිමහල් සහෝදරයන්ගෙන් උදව් ඉල්ලීමට දිනය සුබදායකය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.































































Sihina Palapala-Sihina Palapala le Dakima-Sihina Palapala Sathun-sihina Palapala Sarpayan-sihina Palapala Sinhala Meaning-Sihina Palapala Sinhala-sihina Palapala 2020-Sihina Palapala Animals-sihina Palapala sinhalen,-Sihina palapala sathun Dakima-sihina palapala Animals 2020-sihina Palapala Gindara-sihina Palapala in sinhala-sihina Palapala kiri-sihina Palapala Mal-sihina Palapala nai Dakima-sihina Palapala Naya-sihina Palapala Pdf-sihina Palapala snake-sihina Palapala 2020 sinhala-sihina Palapala 2020-Ada Dawase Lagna Palapala-Ada dawase Lagna Palapala Hiru tv-Ada Dawase lagna Palapala Sinhala, Ada Dawase Lagna Palapala 2020-Ada dawase lagna Palapala Manjula Peiris-Ada Dawase Lagna Palapala 2022 -Rahu kalaya-Rahu kalaya 2020Today-Rahu kalaya Today-Rahu kalaya tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-ada dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2020-Rahu kalaya heta-heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 may 3
 

No comments:

Powered by Blogger.