
Ada dawase lagna palapala 2018-12-26 | ලග්න පලාපල
අද දවස ඔබට
2018 දෙසැම්බර්
මස 26 වන බදාදා
ඉර උදාව - පෙරවරු
06.20 ට
ඉර බැසීම - පස්වරු 18.03
රාහු කාලය
දිවා 12.20 සිට 13.49 දක්වා
රාත්‍රී 00.20 සිට 01.49 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව
- නිරිත
මේෂ
පවුලේ වැඩිහිටියකුට අපලකාරී තත්ත්වයක් පෙන්වයි. යුගදිවි සබඳතා තර කරවන
දිනයකි. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ ආරංචියක් ලැබෙයි. දණහිස් ආශ්‍රිත රෝගාබාධ මතු
කරවයි. තරග විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබිය හැකිය. තම වචනය ද
බොහෝ දෙනකුට ප්‍රියදායක වේ. ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. මිහිරි
ආහාරපාන ලැබෙන දිනයකි. ඔප්පු තිරප්පු ආදියට අත්සන් තැබීමට අද දිනය සුබදායකය. ජය
වර්ණය - රතු, ජය
අංකය -
09, නෙළුම්
මලක් පූජා කරන්න.
වෘෂභ
ගොවිතැන් කටයුතු ආදියෙන් වැඩි ලාභ ලැබිය හැකි දිනයක් නොවේ. යුග දිවියේ
සතුට ඈත් කරවන දිනයකි. උදරාබාධ, හම ආශ්‍රිත රෝග, හිසේ
කැක්කුම් ආදියෙන් ප්‍රවේශම් වන්න. කරගෙන ආ කටයුතු අද දිනයේ වෙනස්වීම්වලට ලක්විය
හැකිය. දවසේ වැඩ ප්‍රමාණය අධික වීම නිසා දැඩි කලබලකාරී බවක් පෙන්වයි. බඩු
බාහිරාදිය කැඩී යෑමේ අවධානමක් ද ඇත. තම ගෞරවයට හානිකර දේ සිදුවිය හැකි නිසා වචන
භාවිතයේ දී කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
බලාපොරොත්තු නොවූ ඥාතියකු හෝ මිතුරකු ඔබ හමුවීමට පැමිණේ. ගෙදරදොර සුව
පහසුව ඈත් කරවන දිනයකි. ප්‍රධානීන්ගේ අවධානයට අද දිනයේ ඔබ ලක්විය හැකිය. අධ්‍යාපන
කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්වයි. උදරය හා බහු ආශ්‍රිත රෝගී තත්ත්වයන් මතු කරවිය
හැකිය. නව මිතුරු සබඳතා ගොඩනැඟෙන දිනයකි. කලක් තිස්සේ සැලසුම් කළ ආදායම් මාර්ගයක්
අද දිනයේ සඵල කරගත හැකි වනු ඇත. ව්‍යාපාරික කටයුතුවලට ද සුබදායකය. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
රූපලාවණ්‍ය හා පොත්පත් සම්බන්ධ ව්‍යාපාරවලින් වැඩි ලාභ අත්කර ගත
හැකිය. හෘදය සම්බන්ධ ආබාධ තත්ත්වයක් පෙන්නුම් කරයි. ප්‍රේම සබඳතාවලට සැපදායකය. දූ
දරුවන් හා මවුපියන් අතර වෙනදාට වැඩි සබඳතාවක් ගොඩනැඟේ. මවුපස ඥාතියකුට අපලකාරී
දිනයක් විය හැකිය. නිවසේ බඩු භාණ්ඩ ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. කලබලකාරී
බව අද දිනයේ ඔබට අවාසි සහගත වේ. වැය පාර්ශවය අධික කරවන දිනයකි. ජය වර්ණය - ක්‍රීම්
පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
රැකියා කටයුතු ආදියේ දී ප්‍රධානීන්ගේ උදහසට ලක්විය හැකි නිසා
කල්පනාකාරීව කටයුතු කරන්න. අසනීප ආදියෙන් සුවය ලැබීමට හැකිය. සිදුවන අසාධාරණයක්
පිළිබඳ බොහෝ දෙනෙකු සමඟ ඔබ සංවිධානය වේ. ණය ආදිය ලබා ගැනීමේ දී ප්‍රවේශම් වන්න.
අන්‍ය ආගමිකයන්ගේ හෝ පූජක පක්ෂයේ ඇසුර ලැබෙන දිනයකි. සහෝදර සහෝදරියන්ට යහපත්
කාලයක් පෙන්නුම් කරයි. උසස් අයගේ ආධාර උපකාර ලබා ගැනීමට අද දිනය සුබදායකය. ජය
වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
හිතවත් අයකුගෙන් ත්‍යාග ආදිය ලැබීමට අද දිනයේ ඉඩකඩ ඇත. රැකියා ස්ථානය
තුළ දී තමාගේ කාර්යයන් වැඩි පිරිසකගේ ප්‍රශංසාවට ලක් වේ. උදරාබාධ ආදියෙන් ප්‍රවේශම්
වන්න. මවු පාර්ශවයේ ලැබීම් සඳහා අද දිනය සුබදායකය. නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි
දායකත්වයක් දක්වයි. ජලය ආශ්‍රිත කටයුතුවලින් පීඩාකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි.
ඥාති මිත්‍රාදීන් සමඟ කටයුතු කිරීමේ දී ඉවසිලිවන්තභාවය වඩාත් වැදගත් වේ. ජය වර්ණය
- කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක්
දල්වන්න.
තුලා
ඔබ බොහෝ පිරිසකගේ අප්‍රසාදයට පත්විය හැකි නිසා කල්පනාකාරීව අද දිනයේ
කටයුතු කරන්න. ආගමික නැඹුරුව වැඩි.
සුබදායකය. උදරයේ පහළ අසනීප ගති මතු කරවයි. ව්‍යාපාර කටයුතු ආදියට අද දිනය සුභදායක
නොවේ. හවුල්කරුවන් අතර මතභේද තත්ත්වයන් වර්ධනය කරවිය හැකිය. ඉඩකඩම් ආශ්‍රිත
කටයුතුවලින් පාඩු කරවයි. පවුලේ අයගේ උදවු උපකාර අද දිනයේ ඔබට නොලැබී යනු ඇත.
වාසස්ථාන පිළිබඳ ගැටලු ඇති කරවයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
අධ්‍යාපන කටයුතුවලට නිරත දූ දරුවන්ට තම මතක ශක්තිය වැඩි කරගත හැකිය.
සහෝදරයකුගේ කාර්යයක් පිළිබඳ යම් මතභේදාත්මක තත්ත්වයක් පෙන්වයි. කල්පනාකාරී වන්න.
යකඩ හා යන්ත්‍ර සූත්‍ර ආදී කටයුතුවල නිරත අයට වැඩි ලාභ උපදවයි. මිතුරු ඇසුර සඳහා
සුබදායක දිනයක් නොවේ. ධන ලාභ ආදියට හිමිකම ඇති නිසා ලොතරැයි වාසනාව උරගා බැලීමට
සුබදායකය. නිවසේ පාවිච්චිය සඳහා පැරණි ගෘහ භාණ්ඩ පිළිබඳ ඇල්මක් ඇති කරයි. ජය වර්ණය
- රතු, ජය අංකය
- 09, නෙළුම්
මලක් පූජා කරන්න.
ධනු
වෙනදා නොතිබූ සැහැල්ලුවක් මනසට දැනේ. නිර්මාණකරණයේ නියැළි අයට මනා
සංකල්පනා පහළ කරවන දිනයකි. සහෝදරයකුගේ කාර්යයක් පිළිබඳ සුභ ආරංචියක් කන වැකෙනු ඇත.
යටි පතුල ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. සතුටින් කාලය ගත කළ හැකි දිනයකි.
ශරීරයට වෙනදා නොතිබූ සනීපයක් දැනේ. මිහිරි ආහරපාන ලැබෙන දිනයකි. ගෙදර දොර වැඩ
කටයුතු සහ අලංකාරය වෙනුවෙන් වැඩි කාලයක් කැප කරයි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
මකර
යහපත් දූ දරුවන් බලාපොරොත්තු වන අයට අද දිනය විශේෂිතය. ඉඩම් සහ නිවාස
ආශ්‍රිත ව්‍යාපාරවල නියැළි අයට විශේෂ ලාභ හිමි කරයි. විනෝද ගමන් ආදියට වැය පාර්ශවය
අධික විය හැකිය. සතුරු කරදර ආදිය ඉවත්ව යන දිනයකි. මුත්‍රා ආබාධ ආදිය ඇති කරවයි.
උසස් අයගෙන් ආධාර උපකාර ලැබෙයි. රැකියාවේ උසස්වීම්වලට ඉල්ලුම් කිරීමට අද දිනය
සුබදායකය. තරග විභාග ආදියෙන් ජය හිමිවේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. ජය
වර්ණය - නිල්, ජය අංකය - 08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
කුම්භ
රැකියා ස්ථානවල දී වෙනදාට වඩා සුහදශීලී බවක් මතු කරවන දිනයකි. වෙහෙසකර
ගමන් බිමන් ආදිය නිසා ඔබගේ ධනයට හානි කරයි. කල්පනාකාරී වන්න. කාලයක් සැලසුම් කළ
කටයුතු කිහිපයක් අද දිනයේ යථාර්ථයක් බවට පත් කරගත හැකිය. ඒ සඳහා මිතුරන් කිහිප
දෙනකුගේ ද විශේෂ උපකාරයක් හිමි වේ. පවුලේ වැඩිහිටියන්ගේ ද උපකාර බලාපොරොත්තු විය
හැකි දිනයකි. වෙනදාට වඩා වැඩි උද්යෝගයක් අද දිනයේ ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
මීන
ක්‍රීඩා භාණ්ඩ ආදිය අලෙවියේ නියුතු අයට විශේෂ ලාභ ඇති කරවන දිනයකි.
පාරම්පරික ධනය පිළිබඳ ඉල්ලුම් කිරීමට අද
දිනය සුබදායකය. රෝහල් සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් හෝ ආගමික කටයුත්තකට වැඩි කාලයක්
කැප කරයි. යටිපතුල් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. මිතුරු සබඳතා
සඳහා අද දිනය සුබදායක නැත. වචන හුවමාරුවීම් ද විය හැකිය. රැකියා ස්ථානවල දී අද ඔබ
විශේෂ ප්‍රසංසාවට හා ඇගයීමට ලක්වේ. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
sihina palapala|sihina palapala le dakima|sihina palapala
sathun|sihina palapala sarpayan|sihina palapala sinhala meaning|sihina palapala
sinhala|sihina palapala 2019|sihina palapala animals|sihina palapala
sinhalen,|sihina palapala sathun dakima|sihina palapala animals 2020|sihina
palapala gindara|sihina palapala in sinhala|sihina palapala kiri|sihina
palapala mal|sihina palapala nai dakima|sihina palapala naya|sihina palapala
pdf|sihina palapala snake|sihina palapala 2019 sinhala|sihina palapala 2019|ada
dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna
palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala
manjula peiris|ada dawase lagna palapala 2022 |rahu kalaya|rahu kalaya 2019
today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya
today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today
colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu
kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya
2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu
kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on
wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september
2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu
kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu
kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019
january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: